මාර්තු 2න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 2න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 127 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘දේවකැමැත්ත කරන්න’ 23-25 පාඩම් (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: රූත් 1-4 (විනා. 8යි)
අංක 1: රූත් 3:14–4:6 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: අනික් අයගේ දේවල්වලට ආස වෙන්න එපා—w12 9/1 30-31 පි. (විනා. 5යි)
අංක 3: නිහතමානී හා බලවත් රජු වන යේසුස් ක්රිස්තුස්—igw 8 පි. 5 ඡේ.–9 පි. 4 ඡේ. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “යහපත් ක්රියා කිරීමට උද්යෝගයෙන්” ඉන්න.—තීත. 2:14.
විනා. 10: මාර්තු මාසයේ සඟරා ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. මුලින්ම මේ පිටුවේ තියෙන යෝජනා යොදාගෙන සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න. සඟරාවල තියෙන තොරතුරු ගැන හොඳින් දැනුවත් වෙන්න කියලා දිරිගන්වන්න.
විනා. 10: “යහපත් ක්රියා කරන්න පොලඹවමු.” සාකච්ඡාවක්. පෙබරවාරි මාසය පුරා සේවා රැස්වීම්වලදී මාසයේ තේමාව කාවද්දපු විදිහ මතක් කරන්න.
විනා. 10: ප්රතිඵල මොනවාද? සාකච්ඡාවක්. “සේවයේ දක්ෂ වීමට ඉන්ටකොම්වලින් සාක්ෂි දරන්න” යන ලිපියේ තිබුණ මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ලැබුණ ප්රයෝජන ගැන අහන්න. ලැබුණ හොඳ අද්දැකීම් ගැන පැවසීමටත් ආරාධනා කරන්න. ඉන්ටකොම් හරහා සාක්ෂි දරන්න පුළුවන් වුණා නම් ඒ ගැන අහන්න.
අලුත් ගීතිකාව “යෙහෝවා, ඒ ඔබේ නාමයයි” සහ යාච්ඤාව
මතක් කිරීමක්: සභාවට පියානෝ වාදනය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ පියානෝ වාදනයත් එක්ක ගායනා කරන්න.