යහපත් ක්‍රියා කරන්න පොලඹවමු
හෙබ්‍රෙව් 10:24 කියන්නේ ‘එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවන්න’ කියලයි. අපේ ආදර්ශයෙන් හා අපේ විශ්වාසය ගැන කතා කරන එකෙන් ඒක කරන්න පුළුවන්. සභාවේ අය එක්ක ඔබේ අද්දැකීම් බෙදාගන්න. සේවයෙන් ඔබ ලබන සතුට අනිත් අයට දකින්න සලස්වන්න. හැබැයි ඒ අයව ඔබ එක්කත් වෙන අය එක්කත් සසඳන්න එපා. (ගලා. 6:4) ඔබේ හැකියාවන් අනිත් අයව ‘ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට’ පොලඹවන්න මිස වරදකාරී හැඟීමක් ඇති කරන්න පාවිච්චි කරන්න එපා. (‘සේවා පාසැල්’ පොතේ 158 පි. 4 ඡේ. බලන්න.) ප්‍රේමය පෙන්වන්න අනිත් අයව පොලඹවනවා නම් ඒ අයත් තව අයට උදව් කරන එක, ශුභාරංචිය කියන එක වගේ යහපත් දේවල් කරන්න පෙලඹෙයි.—2 කොරි. 1:24.