ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 2/15 3 පි.
  • සේවා පාසැල් පුනරීක්ෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා පාසැල් පුනරීක්ෂණය
  • 2015 අපගේ රාජ්‍ය සේවාව
2015 අපගේ රාජ්‍ය සේවාව
km 2/15 3 පි.

සේවා පාසැල් පුනරීක්ෂණය

පහත සඳහන් ප්‍රශ්න 2015 පෙබරවාරි 23න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි.

  1. අපරාධකරුවන්ට හැංගිලා ඉන්න පුළුවන් පූජනීය ස්ථානවලට වඩා ඊශ්‍රායෙලයේ තිබුණු ආරක්ෂිත නුවරවල් වෙනස් වුණේ කොහොමද? (යොෂු. 20:2, 3) [ජන. 5, w10 11/1 15 පි. 4-6 ඡේ.]

  2. යොෂුවා 23:14 තියෙන දේ නිසැකකමින් කියන්න යොෂුවාට පුළුවන් වුණේ ඇයි? දෙවි තම පොරොන්දු ඉටු කරනවා කියලා නිසැකවම කියන්න අපිට පුළුවන් ඇයි? [ජන. 12, w07 11/1 26 පි. 19 ඡේ.]

  3. දේශය බෙදනකොට, මුලින්ම යූදා ගෝත්‍රයට ඔවුන්ගේ උරුමය දුන්නේ ඇයි? (විනි. 1:2, 4) [ජන. 19, w05 1/15 24 පි. 5 ඡේ.]

  4. තමා සමඟ යුධ පිටියට යන්න එන්න කියලා අනාගතවක්තෘවරිය වූ දෙබොරාගෙන් බාරාක් ඉල්ලුවේ ඇයි? (විනි. 4:8) [ජන. 19, w05 1/15 25 පි. 4 ඡේ.]

  5. ගිඩියොන් හදපු පූජාසනයට දුන්න නමෙන් අදහස් වුණේ මොකක්ද? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (විනි. 6:23, 24) [ජන. 26, w14 2/15 22-23 පි. 9 ඡේ.]

  6. කැරලිකාර එෆ්‍රායිම් ගෝත්‍රයට ගිඩියොන් උත්තර දුන්න විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (විනි. 8:1-3) [පෙබ. 2, w05 7/15 16 පි. 4 ඡේ.]

  7. යෙප්තා දෙවිට භාරයක් වුණ අවස්ථාවේදී ඔහුගේ මනසේ තිබුණේ මිනිස් යාගයක් දීම ගැනද? (විනි. 11:30, 31) [පෙබ. 9, w05 1/15 26 පි. 1 ඡේ.]

  8. විනිශ්චයකරුවෝ 11:35-37ට අනුව, යෙප්තාගේ පොරොන්දුව ඉටු කරන්න ඔහුගේ දියණියට පුළුවන් වුණේ කොහොමද? [පෙබ. 9, w11 12/15 20-21 පි. 15-16 ඡේ.]

  9. ඊශ්‍රායෙලයේ රජ කෙනෙක් හිටියේ නැති කාලෙදී ‘හැම කෙනෙක්ම තමන්ට හරියි කියා සිතූ දේ කළ’ නිසා ජනයා නීති රීති පිළිපදින්නේ නැති තත්වයකට පත් වුණාද? පැහැදිලි කරන්න. (විනි. 17:6) [පෙබ. 16, w05 1/15 27 පි. 8 ඡේ.]

  10. බෙන්ජමින්වරු අතින් ප්‍රබල පරාජයක් අද්දැක්ක ඊශ්‍රායෙල්වරුන්ගේ වාර්තාවෙන් නොකඩවා යාච්ඤා කිරීමේ අවශ්‍යතාව ගැන ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (විනි. 20:14-25) [පෙබ. 23, w11 9/15 32 පි. 1-4 ඡේ.]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න