සැප්තැම්බර් 1න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 1න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 123 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 11වෙනි පරි. 1-8 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ගණන් කතාව 17-21 (විනා. 10යි)
අංක 1: ගණන් කතාව 17:1-13 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යේසුස් ඉක්මන් වුණේ නැහැ—w10 8/1 14, 15 පි. (විනා. 5යි)
අංක 3: ‘දෙවිව දැන හඳුනා ගැනීමට’ ඔබට හැකියි—w11 10/1 15 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 10: සැප්තැම්බර් මාසයේ සඟරා ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. මුලින්ම මේ පිටුවේ තියෙන යෝජනා යොදාගෙන සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න. ඉන්පසු ඒ යෝජනා දෙක මුල සිට අග දක්වා හොඳින් සලකා බලන්න.
විනා. 10: ප්‍රතිඵල මොනවාද? සාකච්ඡාවක්. “සේවයේ දක්ෂ වීමට පසුබට නොවී දේවරාජ්‍යය ගැන කියන්න” යන ලිපියේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ලැබුණ ප්‍රයෝජන ගැන අහන්න. දේවරාජ්‍යය ගැන කතා කරද්දී මුහුණ දුන්න අභියෝග ගැනත් ඒවා ජය ගත්ත විදිහ ගැනත් අහන්න.
විනා. 10: අගෝස්තු මාසයේ පත්‍රිකා බෙදාහැරීම ගැන වාර්තාවක්. සේවා සංවිධායක දෙන කතාවක්. මේ ‘රාජ්‍ය සේවාවේ’ තියෙන ප්‍රධාන කරුණු කෙටියෙන් යොදාගෙන දේවරාජ්‍යය ගැන දිගටම ප්‍රචාරය කරන්න ඕන ඇයි කියලා කියන්න. සභාව පත්‍රිකාව බෙදාහරින්න දායක වුණ විදිහත් පත්‍රිකා බෙදාහරිද්දී විශේෂයෙන් කරන්න පුළුවන් වුණ දේවල් ගැනත් කියන්න.
ගීතිකා අංක 45 සහ යාච්ඤාව