සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2014 අගෝස්තු 25න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි.
හරි දේට වැරදියි කියලත් වැරදි දේට හරියි කියලත් කියන විකෘති අදහස්වලින් මනස දූෂ්‍ය වීම වළක්වගන්න ලෙවී කතාව 18:3 උපකාර වෙන්නේ කොහොමද? (එෆී. 4:17-19) [ජූලි 7, w02 2/1 29 පි. 4 ඡේ.]
ලෙවී කතාව 19:2 දීලා තියෙන ආඥාවෙන් අපි ඉගෙනගන්නේ මොනවාද? අපි ඒ අණ පිළිපදින්න ඕන ඇයි? [ජූලි 7, w09 7/1 9 පි. 5 ඡේ.]
කරල් ඇහිඳීම හා සම්බන්ධ පුරාණ නීතියේ සඳහන් ප්‍රතිපත්තිය අපිට අදාළ වෙන්නේ කොහොමද? (ලෙවී. 19:9, 10) [ජූලි 7, w06 6/15 22-23 පි. 13 ඡේ.]
“ඇසකට ඇසක්” යන නීතියෙන් පළිගැනීම අදහස් කළේ නැහැ කියලා කියන්නේ ඇයි? (ලෙවී. 24:19, 20) [ජූලි 14, w09 9/1 22 පි. 3-4 ඡේ.]
ඊශ්‍රායෙල් ජාතිකයෙක් පොළි අය කරන එක වැරදි දෙයක් වුණේ මොන වගේ අවස්ථාවලදීද? වැරදි දෙයක් නොවුණේ මොන වගේ අවස්ථාවලදීද? (ලෙවී. 25:35-37) [ජූලි 21, w04 5/15 24 පි. 3 ඡේ.]
ඊශ්‍රායෙලයේ ගෝත්‍ර 13ක් තිබුණත් ගෝත්‍ර 12ක් ගැන විතරක් සඳහන් කරලා තියෙන්නේ ඇයි? (ගණන්. 1:49, 50) [ජූලි 28, w08 7/1 21 පි.]
වයසින් වැඩි ලෙවීවරුන්ට දක්වපු සැලකිල්ල ගැන ගණන් කතාව 8:25, 26 සඳහන් වාර්තාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? [අගෝ. 11, w04 8/1 25 පි. 1 ඡේ.]
ඊජිප්තුවෙන් පිට වෙලා ආවට පස්සේ ඊශ්‍රායෙල්වරුන් කොඳුරන්න පටන්ගත්තේ ඇයි? ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (ගණන්. 11:4-6) [අගෝ. 18, w95 3/1 16 පි. 10 ඡේ.]
එල්දාද් හා මේදාද් අනාගතවක්තෘවරුන් විදිහට සේවය කරන්න පටන්ගත්තාම මෝසෙස් ක්‍රියා කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (ගණන්. 11:27-29) [අගෝ. 18, w04 8/1 26 පි. 4 ඡේ.]
“නූල් රටාවකට ගැටගසා තමන්ගේ වස්ත්‍රවල වාටිය සකස්” කරන්න කියලා ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් වැදගත් ප්‍රතිපත්තිය මොකක්ද? (ගණන්. 15:37-39) [අගෝ. 25, w04 8/1 26 පි. 7 ඡේ.]