ජූනි 9න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 38 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 7වෙනි පරි. 7-13 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ලෙවී කතාව 1-5 (විනා. 10යි)
අංක 1: ලෙවී කතාව 4:16-31 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවි මිනිසුන් තුළ තිබෙන හොඳ දකිනවා—w10 7/1 29 පි. (විනා. 5යි)
අංක 3: ෂෙම් දුටු නපුරු ලෝකය—w09 10/1 16, 17 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 15: ඔබ එය අත්හදා බැලුවද? සාකච්ඡාවක්. ‘රාජ්ය සේවාවේ’ මෑතකදී පළ වුණ “මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීම” (km 12/13), “බයිබල් පාඩම්වලට මඟ පාදන සඟරා මාර්ග” (km 1/14) සහ “බයිබලයේ ඉගැන්වීම්’ පොතෙන් සමහර අය එක්ක පාඩමක් පටන්ගන්න අමාරු නම් . . . ” (km 2/14) යන ලිපිවල ඇති තොරතුරු රැගෙන කෙටියෙන් කතාවක් ඉදිරිපත් කරන්න. ඒ තොරතුරු සේවයේදී ප්රයෝජනවත් වුණේ කොහොමද කියලා සබයෙන් අහන්න.
විනා. 15: “අගෝස්තු මාසය ඉතිහාසගත වෙන මාසයක්!” සේවා සංවිධායක මෙහෙයවන ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. ‘අපේ ප්රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?’ යන අලුත් පත්රිකාව හැමෝටම දීලා ඒකේ කරුණු සාකච්ඡා කරන්න. ප්රදේශය ආවරණය කිරීමට ගෙන තිබෙන සැලසුම් ගැන කියන්න.
ගීතිකා අංක 107 සහ යාච්ඤාව