අප කළ සේවය
ශාඛා කාර්යාලයෙන් සංවිධානය කරන, විශාල නගරවල සාක්ෂි දැරීම හරිම සාර්ථකයි. යාපනය, චාවකච්චේරි හා කිලිනොච්චිය යන නගරවලදී හොඳ ප්‍රතිඵල ලැබුණා. අනාථ දරුවෙක් විදිහට හැදුණු වැඩුණු තරුණයෙක් ජංගම පුවරුව ළඟ හිටපු සහෝදරයන්ට එයාගේ දුක කිව්වා. එයාට බයිබලයේ පණිවිඩයෙන් ලොකු සහනයක් ලැබුණා. යෙහෝවා දෙවි, යේසුස්, පාරාදීසය ගැන දෙවිගේ පොරොන්දුව සහ නැවත නැඟිටීම ගැන දැනගත්තාම “මට දැන් ජීවත් වෙන්න ආසාවක් තියෙනවා” කියලා ඔහු කිව්වා.