අගෝස්තු මාසය ඉතිහාසගත වෙන මාසයක්!
අලුත් පත්‍රිකාවක් ලොව පුරා බෙදාහරිනවා
1. දේවරාජ්‍යය පිහිටුවලා අවුරුදු 100 සම්පූර්ණ වෙන්න ආසන්නව තිබියදී අපි නියැලෙන විශේෂ කාර්යය මොකක්ද?
1 දේවරාජ්‍යය පිහිටුවලා අවුරුදු 100 සම්පූර්ණ වෙන්න ආසන්නයි. ඒ නිසා දෙවිට ගෞරවය ගෙනෙන විශේෂ කාර්යයක නියැලීම මොන තරම් උචිතද! අගෝස්තු මාසයේදී ‘අපේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?’ යන අලුත් පත්‍රිකාව ලොව පුරාම බෙදාහරිනවා. ප්‍රශ්නවලට උත්තර බයිබලයෙන් හොයලා බලන්න කියලා මේ පත්‍රිකාවේ උනන්දු කරලා තියෙනවා. ඒ සඳහා jw.org වෙබ් අඩවියෙන් උදව් ලබාගන්න පුළුවන් විදිහත් ඒකේ පැහැදිලි කරනවා.
2. අගෝස්තු මාසයේදී ප්‍රීතියෙන් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න පුළුවන් කොහොමද?
2 ප්‍රීතියෙන් යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න: ප්‍රචාරකයන්ට අගෝස්තු මාසයේදී සහායක පුරෝගාමී සේවයේ නියැලීමෙන් වැඩි සේවයක් කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ මාසයේදී බව්තීස්ම වුණ ප්‍රචාරකයන්ට සහායක පුරෝගාමී සේවය සඳහා පැය 30ක් වාර්තා කරන්නත් පුළුවන්. අගෝස්තු මාසයේ සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දවස් පහ බැගින් තියෙන නිසා රැකියා කරන අයටත් ඒ වගේම පාසැල් යන අයටත් සහායක පුරෝගාමී සේවය කරන්න පුළුවන්. ප්‍රචාරකයෙක් වෙන්න ආසාවෙන් ඉන්න සුදුසුකම් තියෙන බයිබල් ශිෂ්‍යයෙක් හෝ දරුවෙක් ඉන්නවා නම් අදම සභාවේ සම්බන්ධීකාරක එක්ක ඒ ගැන කතා කරන්න. අගෝස්තු මාසයේ ඒ අලුත් ප්‍රචාරකයන්ට අපිත් එක්ක සේවයේ හවුල් වෙන්න ලැබෙන එක මොන තරම් දිරිගැන්වීමක් වෙයිද! ස්ථාවර පුරෝගාමීන් හුඟදෙනෙක් වාර්ෂික පැය අවශ්‍යතාව සපුරගත්තට පස්සේ අගෝස්තු මාසයේ නිවාඩු ගන්නවා. නමුත් ඒ සැලැස්ම වෙනස් කරලා අගෝස්තු මාසයේ කරන විශේෂ කාර්යයට සම්පූර්ණ සහයෝගය දෙන්න ඔවුන්ට පුළුවන්. අගෝස්තු මාසයේදී “ප්‍රීති ප්‍රමෝදයෙන් යෙහෝවා දෙවිට ප්‍රශංසා” කරන්න හවුල් වෙන්න පුළුවන් විදිහ ගැන පවුලේ අය එකතු වෙලා දැන්ම සාකච්ඡා කරන්න.—එස්රා 3:11; හිතෝ. 15:22.
3. විශේෂ කාර්යය සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
3 කලිනුත් ඒ වගේ කාර්යයන්වල හවුල් වෙලා තිබුණත් මේ වතාවේ ඒක ඉතිහාසගත වෙයි කියලා අපි හිතනවා. පැය සංඛ්‍යාවේ වගේම ප්‍රචාරකයන්ගේ හා සහායක පුරෝගාමීන්ගේ සංඛ්‍යාවේ උපරිමයක් වාර්තා කරන්න අපිට පුළුවන්ද? 2014 සේවා වර්ෂය අවසන් වන අගෝස්තු මාසයේදී ලොව පුරා ඉන්න සාක්ෂිකරුවන් මෙතෙක් නොවූ ආකාරයකින් උපරිමයෙන් සේවය කරන්න දරන වෑයමට ආශීර්වාද ලැබේවා!—මතෙ. 24:14.