අප්රියෙල් 28න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්රියෙල් 28න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 52 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 5වෙනි පරි. 13-18 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: නික්මයාම 19-22 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
□ සේවා රැස්වීම:
විනා. 5: මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු. කතාවක්. මැයි මාසයේ පළවෙනි සෙනසුරාදා සේවය සඳහා යොදා ඇති සැලසුම් ගැන කියන්න. එදාට සේවයේ හවුල් වෙන්න හැමෝටම දිරිගන්වන්න. 8වෙනි පිටුවේ යෝජනාව පාවිච්චි කරලා කෙටි නිරූපණයක් කරන්න.
විනා. 15: “අලුත්ම මුහුණුවරකින් ආ අලුත් පත්රිකා!” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. නිරූපණ දෙකක් කරන්න. ගෙයින් ගෙට සේවයේදී අලුත් පත්රිකාවක් ඉදිරිපත් කරන විදිහත් නැවත බැලීමකදී හෝ උනන්දුව දැක්වුව කෙනෙක් එක්ක පත්රිකාවෙන් දිගටම සාකච්ඡාවක් කරන විදිහත් පෙන්වන්න.
විනා. 10: “බයිබල් පාඩම් පටන්ගන්න උදව් වෙන වීඩියෝ එකක්.” කතාවක්. සභාවේදී වීඩියෝ දර්ශනය පෙන්වන්න. නැත්නම් හඬ විතරක් හරි ඇහෙන්න සලස්වන්න.
ගීතිකා අංක 75 සහ යාච්ඤාව