සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2014 අප්‍රියෙල් 28න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි.
1. අනාචාරයට වැටෙන්නේ නැතුව පොතිෆර්ගේ බිරිඳගෙන් බේරිලා යන්න යෝසෙප්ට උදව් වුණේ මොනවාද? (උත්. 39:7-12) [මාර්. 3, w13 2/15 4 පි. 6 ඡේ.; w07 10/15 23 පි. 16 ඡේ.]
2. අයුක්තියට සහ අසාධාරණයට මුහුණ දෙන අයට යෝසෙප් හොඳ ආදර්ශයක් වෙන්නේ කොහොමද? (උත්. 41:14, 39, 40) [මාර්. 10, w04 1/15 29 පි. 6 ඡේ.; w04 6/1 20 පි. 4 ඡේ.]
3. තමන්ගේ සහෝදරයන්ට දයාව පෙන්වන්න යෝසෙප්ට හේතු වුණේ මොනවාද? [මාර්. 17, w99 1/1 30 පි. 6-7 ඡේ.]
4. උත්පත්ති 49:27හි බෙන්ජමින් ගෝත්‍රය ගැන සඳහන් අනාවැකිය ඉටු වුණේ කොහොමද? [මාර්. 24, w12 1/1 29 පිටුවේ කොටුව]
5. නික්මයාම 3:7-10හි සඳහන් දෙයින් අපිට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද? [මාර්. 31, w09 3/1 15 පි. 3-6 ඡේ.]
6. මෝසෙස්ගේ කාලයේදී යෙහෝවා දෙවි තමන්ගේ නමේ අර්ථයට එකඟව ක්‍රියා කළ එක විදිහක් මොකක්ද? (නික්. 3:14, 15) [මාර්. 31, w13 3/15 25-26 පි. 5-6 ඡේ.]
7. නික්මයාම 7:1හි සඳහන් වෙන විදිහට මෝසෙස් “පාරාවෝ ඉදිරියේ දෙවි කෙනෙකු මෙන්” වුණේ කොහොමද? [අප්‍රි. 7, w04 3/15 25 පි. 7 ඡේ.]
8. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් ගලවාගත් අවස්ථාවේදී දෙවිගේ බලය ඔවුන් හොඳින්ම දැක්කා. ඒත් ඊටපස්සේ ඔවුන් ක්‍රියා කළේ කොහොමද? අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද? (නික්. 14:30, 31) [අප්‍රි. 14, w12 3/15 26-27 පි. 8-10 ඡේ.]
9. “රාජාලීන් තම පැටවුන්ව පියාපත් පිට ගෙන යන්නාක් මෙන් මම ඔබව උසුලාගෙන මා වෙතට ගෙනාවෙමි” කියලා අලුත බිහි වූ ඊශ්‍රායෙල් සෙනඟ ගැන යෙහෝවා දෙවි කිව්වා. දෙවි ඔවුන්ට දැක්වූ සැලකිල්ල ඒකෙන් පැහැදිලි වෙන්නේ කොහොමද? (නික්. 19:4) [අප්‍රි. 28, w96 6/15 10 පි. 5 ඡේ.–11 පි. 2 ඡේ.]
10. යෙහෝවා දෙවි වැරදි කරන අයගේ “පරම්පරා දක්වා” දඬුවම් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (නික්. 20:5) [අප්‍රි. 28, w04 3/15 27 පි. 1 ඡේ.]