ජනවාරි 16න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 18 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 13වන පරි. 1-8 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙසායා 34-37 (විනා. 10යි)
අංක 1: යෙසායා 35:1-10 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: අපට විශ්වාසය තැබිය හැකි එකම තැනැත්තා යෙහෝවා දෙවියි—ගීතා. 25:1-5 (විනා. 5යි)
අංක 3: සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව සිටීමට අපට තිබෙන පදනම කුමක්ද?—බයිබලයේ ඉගැන්වීම් 49 පි. 9 ඡේ. –51 පි. 13 ඡේ. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 15: ප්රශ්න අසන්නාගේ දෘෂ්ටිකෝණය හඳුනාගන්න. සේවා පාසැල පොතේ 66වන පි. 1වන ඡේදයේ සිට 68වන පි. 3වන ඡේදය දක්වා ඇති තොරතුරු මත පදනම් කතාවක්. දේවසේවයේදී නිවැසියෙක් ප්රචාරකයෙකුගෙන් ප්රශ්නයක් අසන ආකාරයත් එය ඇසීමට හේතුව තේරුම්ගැනීමට ප්රචාරකයා කල්පනා කරන ආකාරයත් ඊට නිසි පිළිතුරු ලබා දෙන ආකාරයත් නිරූපනය කරන්න.
විනා. 15: මේ සමාජයේ සිටින ජනයා අතරෙහි දිගටම යහපත් ලෙස හැසිරෙන්න. (1 පේතෘ. 2:12) වර්ෂ 2010 අප්රියෙල් 15 මුරටැඹ, 6වන පි. 16වන ඡේ. සහ 1994 ජනවාරි 1 මුරටැඹ 27වන පි. මත පදනම් සාකච්ඡාවක්. ඉගෙනගත හැකි පාඩම් ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 97 සහ යාච්ඤාව