ජනවාරි 2න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 2න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 2 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 12වන පරි. 8-14 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙසායා 24-28 (විනා. 10යි)
අංක 1: යෙසායා 27:1-13 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවි ඔබට ප්‍රේම කරන බවට නිසැකවන්න—යෙසායා 57:15 (විනා. 5යි)
අංක 3: අප මිහිපිට ජීවත් වීමට හේතුව—g 12/09 9-10 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. මෙම පිටුවෙහි සඳහන් යෝජනා යොදාගනිමින් ජනවාරි මාසයේ පළමුවෙනි සෙනසුරාදා බයිබල් පාඩම් ආරම්භ කළ හැකි ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 15: ජනවාරි මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සාකච්ඡාවක්. විනාඩියකින් හෝ දෙකකින් ඔබේ ප්‍රදේශයේ ජනයාගේ සිත් ඇදගන්නා ලිපි කිහිපයක් සලකා බලන්න. පසුව මුරටැඹ සහ පිබිදෙව්! කලාපවල මුල් ලිපි ඉදිරිපත් කිරීමට යොදාගත හැකි ප්‍රශ්න සහ බයිබල් පද සබයෙන් අසන්න. කාලය තිබේ නම් වෙනත් ලිපියක් ඉදිරිපත් කළ හැකි ආකාරයද විමසන්න. ජනවාරි මාසයේදී පිබිදෙව්! සඟරාව ව්‍යාපාරික ස්ථානවල වැඩියෙන් බෙදාහැරීමට ප්‍රචාරකයන්ව දිරිගන්වන්න. මෙය කළ හැකි ආකාරය ගැන පැවසීමට සේවා සංවිධායකට ආරාධනා කරන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන විට පිබිදෙව්! සඟරාව සඳහා පසුබිම වශයෙන් ව්‍යාපාරික ස්ථානයක් යොදාගන්න.
ගීතිකා අංක 86 සහ යාච්ඤාව