ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 12/11 3 පි.
  • සේවා පාසැල් පුනරීක්ෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා පාසැල් පුනරීක්ෂණය
  • 2011 අපගේ රාජ්‍ය සේවාව
2011 අපගේ රාජ්‍ය සේවාව
km 12/11 3 පි.

සේවා පාසැල් පුනරීක්ෂණය

පහත සඳහන් ප්‍රශ්න 2011 දෙසැම්බර් 26න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි.

1. අප කළ කී දෙයක් නිසා අමනාපයෙන් පසු වන කෙනෙකුව තවත් කෝප කිරීමෙන් වැළකීමට හිතෝපදේශ 30:32හි ඇති උපදෙස උපකාරයක් වන්නේ කෙසේද? [w87 10/1 23 පි. 6 ඡේ.]

2. කෙනෙකුට හිස් බවක් දැනෙන්නේ කුමනාකාරයෙන් ‘විනෝද වීම’ මගින්ද? (දේශ. 2:1) [g 4/06 6 පි. 1-2 ඡේ.]

3. දේශනාකාරයා 3:1-9හි සඳහන් දෙයට අනුව ජීවිතයේ සිදු වන සියල්ල කලින්ම නියම කර ඇති බව සමහරු සිතුවත් එය එසේ නොවන බව දේශනාකාරයා 9:11හි සඳහන් දෙයින් පැහැදිලි වන්නේ කෙසේද? [w09 3/1 4 පි. 4 ඡේ.]

4. ‘පමණට වඩා ධර්මිෂ්ඨ වීමේ’ ඇති අනතුර කුමක්ද? (දේශ. 7:16) [w10 10/15 9 පි. 8-9 ඡේ.]

5. විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අය සහකරුවෙකු හෝ සහකාරියෙකුව තෝරාගැනීමේදී හදිසි නොවීමේ ඇති වැදගත්කම සලමොන්ගේ ගීතිකාව 2:7හි පෙන්වාදෙන්නේ කෙසේද? [w06 11/15 19 පි. 1 ඡේ.]

6. ෂූලම්මීය තරුණිය “තෙපලන වදන් මීවදයකින් වෑස්සෙන මීපැණි මෙන්” සහ ඇගේ “දිවගේ ඇත්තේ කිරි සහ මීපැණිය” කියා සඳහන් කර තිබීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (සල. 4:11) [w06 11/15 19 පි. 6 ඡේ.]

7. “උතුම් උපදේශකයාණන්,” “බලවත් දෙවි,” සහ “සදාකාල පියාණන්” යන පදවි නාමවලින් යේසුස් ගැනත් ඔහුගේ පාලනය ගැනත් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? (යෙසා. 9:6) [w91 7/1 5 පි. 7ඡේ.]

8. දෙවිට “ද්‍රෝහි වූ” ඊශ්‍රායෙල්වරුන්ගෙන් අද දින නියෝජනය වන්නේ කාවද? ඔවුන්ව විනාශ කිරීමට දෙවි යොදාගන්නා “වේවැල” කුමක්ද? (යෙසා. 10:5, 6) [ip-1 145 පි. 4-5 ඡේ.; 153 පි. 20 ඡේ.]

9. “නැවත කෙදිනකවත් කිසි කෙනෙකුට බැබිලෝනියේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැත” කියා යෙසායා පැවසූ අනාවැකිය එතරම්ම කැපී පෙනෙන එකක් වන්නේ ඇයි? එය ඉටු වීම දෙවිගේ පොරොන්දු කෙරෙහි ඇති අපගේ විශ්වාසයට බලපාන්නේ කෙසේද? (යෙසා. 13:19, 20) [g11/07 9 පි. 4-5 ඡේ.]

10. “දාවිත්ගේ නිවසෙහි යතුර” යේසුස්ට ලැබුණේ කවදාද? ඔහු එම යතුර භාවිත කරමින් සිටින්නේ කෙසේද? (යෙසා. 22:22) [w09 1/15 31 පි. 1 ඡේ.]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න