මැයි 9න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 58 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 1වන පරි. 1-7 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ගීතාවලිය 1-10 (විනා. 10යි)
අංක 1: ගීතාවලිය 7:1-17 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යාච්ඤාව: දෙවි පිළිගන්නා යාච්ඤා—26අ බයිබල් විෂයන් (විනා. 5යි)
අංක 3: “යහපත් ගුරුතුමනි” කියා ඇමතූ මිනිසාව යේසුස් නිවැරදි කළේ ඇයි?—මාක් 10:17,18 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටයි. (ක්රියා 5:29) වර්ෂ 2008 ජූලි 1 මුරටැඹ 27වන පිටුවේ 6වන ඡේදයේ සිට 28වන පිටුවේ 2වන ඡේදය දක්වා සහ 2006 මැයි 15 මුරටැඹ 14වන පිටුවේ 5-7 ඡේද දක්වා ඇති කරුණු මත සාකච්ඡාවක්. එක් එක් අද්දැකීම් සාකච්ඡා කළ පසු ඉගෙනගත් පාඩම් මොනවාද කියා සබයෙන් අසන්න.
විනා. 10: ඉදිරි මාස කිහිපයේදී උපකාරික පුරෝගාමී සේවයේ යෙදෙන්න ඔබට හැකිද? සබය සමඟ සාකච්ඡාවක්. කළ යුතු දේ සම්බන්ධයෙන් 2007 මාර්තු රාජ්ය සේවාවේ 5වන පිටුවේ 3-5 දක්වා ඡේදවල තිබෙන කරුණු කෙටියෙන් සලකා බලන්න. රැකියා නිවාඩු හෝ පාසැල් නිවාඩුව හෝ උපකාරික පුරෝගාමී සේවය සඳහා යොදාගත් අය ලබා ඇති ආශීර්වාද ගැන විමසන්න.
විනා. 10: ඔබේ ආලෝකය විහිදුවන්න. ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. ආදර්ශවත් හැසිරීම නිසා සාක්ෂියක් දැරීමට හැකි වූ අවස්ථා ගැන සබයෙන් විමසන්න.
ගීතිකා අංක 93 සහ යාච්ඤාව