අප කළ සේවය
බෙතෙල් ගෘහයේ ඉදි කිරීම් කටයුතු කඩිනමින් සිදු වන අතර ගොඩනැඟිලි නවීකරණ කටයුතුද අවසන් වෙමින් පවතිනවා. ඊළඟට තිබෙන විශාලම කාර්යය වන්නේ නව ගොඩනැඟිල්ලේ වැඩකටයුතු ආරම්භ කිරීමයි. ඔබද දේවසේවයේ මහත් උද්‍යෝගයකින් නියැලී තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේදී උපකාරික පුරෝගාමීන් 228ක්, ස්ථාවර පුරෝගාමීන් 331ක් හා විශේෂ පුරෝගාමීන් 142ක් වාර්තා වුණා. ඔබ කරන සේවය දිගටම උනන්දුවෙන් කරන්න. අප්‍රියෙල් මාසයේ වාර්තාව පැමිණෙන තෙක් අප සැමෝම බලා සිටින්නේ ඉමහත් ආශාවෙන්!