ජූලි 19න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 19න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 රාජාවලිය 12-14
අංක 1: 1 රාජාවලිය 12:12-20
අංක 2: යෙහෝවා දෙවි බලන ආකාරයට සහෝදරයන් දෙස බැලිය හැක්කේ කොහොමද?
අංක 3: දුෂ්ටකම, ලෝක ව්‍යාප්ත දුක් වේදනා: ලොව පුරා සිදු වන ප්‍රශ්න ගැටලුවලට වග කිව යුත්තේ කවුද? (11අ බයිබල් විෂයන්)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: ඔබේ සේවය පුළුල් කළ හැකි ආකාර—2වන කොටස. වර්ෂ 2007 මාර්තු රාජ්‍ය සේවාවේ 5 පිටුවේ 3-6 දක්වා ඡේදවල ඇති තොරතුරු මත පදනම් කතාවක්. පුරෝගාමියෙකුව හෝ දෙදෙනෙකුව කැඳවන්න. පුරෝගාමි සේවය කිරීම සඳහා කාලය සකස් කරගත්තේ කොහොමද කියා ඔවුන්ගෙන් අසන්න.
විනා. 10: පාසැලෙන් එල්ල වන අභියෝගවලට මූණ දීමට සූදානම් වන ආකාරය. සබය සමඟ සාකච්ඡාවක්. අපේ යෞවන යෞවනියන් පාසැලේදී මූණ දෙන අභියෝග මොනවාද කියා සබයෙන් අසන්න. වරදට පෙලඹෙන අවස්ථා මඟහරින්නත් අපේ විශ්වාසයන් ගැන කතා කරන්නත් දරුවන්ව සූදානම් කිරීමට පවුලේ නමස්කාරයට වෙන් කළ රාත්රියේදී සූචිය, යෞවන අය අසති පොත් දෙක හා සංවිධානයේ වෙනත් ප්‍රකාශන දෙමාපියන්ට යොදාගත හැකි ආකාරය විස්තර කරන්න. (1 පේතෘ. 3:15) යම් විෂයක් හෝ දෙකක් තෝරාගෙන ඒ ගැන අපේ ප්රකාශනවල තිබෙන ප්‍රයෝජනවත් තොරතුරු ඉදිරිපත් කරන්න. පාසැලේදී සාක්ෂියක් දරන්න හැකි වූ ආකාර ගැන අදහස් දක්වන්න කියා සබයට ආරාධනා කරන්න.
විනා. 10: “මම දැන් කරන ප්‍රමාණය ඇතිද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.