ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 7/10 1 පි.
  • ජීවිතයේ වැදගත්ම දෙය!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවිතයේ වැදගත්ම දෙය!
  • 2010 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ඔයාට භාර දීලා තියෙන දේවසේවය සම්පූර්ණයෙන්ම කරන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබ ප්‍රමුඛත්වය දෙන්නේ කුමකටද?
    2003 අපගේ රාජ්‍ය සේවාව
  • “ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය” කරමු
    2008 අපගේ රාජ්‍ය සේවාව
  • අපේ ප්‍රධානතම කාර්යය ක්‍රිස්තියානි දේවසේවයයි
    2003 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2010 අපගේ රාජ්‍ය සේවාව
km 7/10 1 පි.

ජීවිතයේ වැදගත්ම දෙය!

1. දේවසේවය තම ජීවිතයේ වැදගත්ම දෙය කියා යේසුස් පෙන්නුවේ කොහොමද?

1 දේවසේවය යේසුස්ගේ ජීවිතයේ වැදගත්ම දෙය වුණා. පලස්තීන දේශය පුරා පයින් යමින් මහත් වෙහෙසක් දරා හමු වන හැමෝටම ඔහු දේශනා කළා. සේවයට එතරම් කාලයක් හා අවධානයක් දෙන්න ඔහුට හැකි වුණේ ජීවිතය සරල කරගත් නිසයි. (මතෙ. 8:20) ජනයා රෝගීන්ව සුව කරගැනීමට යේසුස්ව තමන් සමඟ රඳවාගන්න උත්සාහ කරද්දී යේසුස් මෙහෙම කිව්වා. “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි.”—ලූක් 4:43.

2. යේසුස් දේවසේවය වැදගත්ම දෙය ලෙස සැලකුවේ ඇයි?

2 යේසුස් දේවසේවය තම ජීවිතයේ වැදගත්ම දෙය ලෙස සැලකුවේ ඇයි? ඔහුට මූලිකවම ඕනෑ වුණේ දෙවිගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කරන්නයි. (මතෙ. 6:9) ඔහු තම පියාට ප්‍රේම කළ නිසා ඔහු දුන් හැම අණකටම කීකරු වෙන්න ගොඩක් කැමති වුණා. (යොහ. 14:31) ඊට අමතරව ඔහු මිනිසුන් ගැන අවංකවම සැලකිල්ලක් දැක්වූ නිසා ඔවුන්ට උපකාර කරන්නත් ආශාවෙන් සිටියා.—මතෙ. 9:36, 37.

3. දේවසේවය අපේ ජීවිතයේ වැදගත්ම දෙය කියා පෙන්විය හැක්කේ කොහොමද?

3 යේසුස්ව ආදර්ශයට ගන්න: අපේ ජීවිතයේ එදිනෙදා කටයුතුවලට බොහෝ කාලයක් වැය වෙනවා වගේම මේ ලෝකයත් අපේ අවධානය වෙනතකට යොමු කරවන දේවල් රැසක් ඉදිරිපත් කරනවා. ඒ නිසා දේවසේවයට යේසුස් මෙන් අවධානයක් දී එය ජීවිතයේ වැදගත්ම දෙය කරගැනීම අපට අභියෝගයක් විය හැකියි. (මතෙ. 24:37-39; ලූක් 21:34) අපි වඩා වැදගත් දේවල් මොනවාද කියා තේරුම්ගෙන නිතිපතා සේවයේ හවුල් වෙන්නත් ඊට පෙර හොඳින් සූදානම් වෙන්නත් කාලය වෙන් කරගත යුත්තේ ඒ නිසයි. (ෆිලි. 1:10) එමෙන්ම මේ ලෝකයේ තිබෙන දේවල් උපරිම ලෙස භුක්ති නොවිඳ දිගටම සරල ජීවිතයක් ගත කරන්නත් උත්සාහ කළ යුතුයි.—1 කොරි. 7:31.

4. වඩා වැදගත් දේට මුල් තැන දීම අද ඒ තරම්ම වැදගත් ඇයි?

4 විනාශයක් අත ළඟ එනවා කියා දැනගත්තොත් නැණවත් කෙනෙක් වැඩි අවධානයක් දෙන්නේ මුල් තැන දිය යුතු දේවලටයි. උදාහරණයකට, සැඩ කුණාටුවක් එනවා කියා දැනගත්තොත් ඔහු මුලින්ම කරන්නේ පවුලේ අයගේ ආරක්ෂාව වෙනුවෙනුත් අසල්වාසීන්ට අනතුරු ඇඟවීමටත් කාලය හා ශක්තිය වැය කිරීමයි. ඔහු වැදගත්කමින් අඩු දේවල් පසුවට දමයි. ඇත්තෙන්ම යෙහෝවා දෙවිගේ මහත් දවස නමැති සැඩ කුණාටුවත් අත ළඟම එනවා. ඉතුරු වී ඇත්තේ තව කෙටි කාලයයි. (ශෙප. 1:14-16; 1 කොරි. 7:29) අපවත් අපට සවන් දෙන අයවත් ගලවාගැනීමට නම් අප ගැනත් අප සභාවේදී හෝ ක්ෂේත්‍රයේදී උගන්වන දේ ගැනත් නිරතුරුවම සැලකිලිමත් විය යුතුයි. (1 තිමෝ. 4:16) අපේ ගැලවීම රඳා පවතින්නේ දේවසේවය අපේ ජීවිතයේ වැදගත්ම දෙය කරගැනීම මතයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න