සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජූනි 1
“අද ගොඩක් මිනිස්සු විශේෂ කටයුත්තක් පටන්ගන්න කලින් හඳහන් බලනවා. ග්‍රහ තාරකාවල පිහිටීම අපේ ජීවිතයට බලපානවා කියලා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයෙත් රාශි චක්‍රය ගැන කියල තියෙනවා. [2 රාජාවලිය 23:5 කියවන්න.] ජ්‍යෝතිඃ ශාස්ත්‍රය ගැන බයිබලයේ දරන අදහස මේ සඟරාවේ පැහැදිලි කරනවා.” සඟරාවේ 18වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! ජූනි
“පල්ලිවලයි අනිත් ක්‍රිස්තියානි සභාවලයි බව්තීස්මය, විවාහ මංගල්‍යය, අවමංගල්‍යය වගේ දේවල් පවත්වන්න මුදල් අය කරනවා. ඔබ හිතනවාද ඒක හරියි කියලා? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] යේසුස් කියපු දේ බලන්න. [මතෙව් 10:7, 8ආ කියවන්න.] ආගමික වතාවන් සඳහා මුදල් අය කිරීම ගැන බයිබලයේ මොකක්ද කියන්නෙ කියලා මේ සඟරාවේ පැහැදිලි කරනවා.” සඟරාවේ 22වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ ජූලි 1
“ගොඩක් අය සියලු බලැති දෙවියන්ව හඳුන්වන්නේ නිකම්ම ‘දෙවියො’ කියල විතරයි. ඒත් සියලු බලැති දෙවියන්ගේ නම බයිබලයේ සඳහන් වෙලා තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියද? [ප්‍රතිචාරයට ඉඩහැර, යෙසායා 42:8අ කියවන්න.] සමහර බයිබල් පරිවර්තනවල ඒ නම ඉවත් කර තියෙන්නේ ඇයි කියලත් අපි ඒ නම දැනගැනීම එතරම් වැදගත් ඇයි කියලත් මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! ජූලි
“ආර්ථික ප්‍රශ්න අද ගොඩක් අයට ලොකු මානසික ප්‍රශ්නයක් වෙලා. සමහර අය රැකියාවක් නැති නිසා කනස්සල්ලෙන් ඉද්දි, රැකියාවක් කරන අය ඒක කොයි වෙලේ නැති වෙයිද කියලා බයෙන් ඉන්නවා. ඔබ හිතන්නෙ නැද්ද මේ උපදෙස අපි කාටත් වටියි කියලා. [මතෙව් 6:34 කියවා, ප්‍රතිචාරයට ඉඩහරින්න.] අපේ වියදම් පාලනය කරගන්නත් කනස්සල්ලෙන් ගොඩ එන්නත් හොඳ යෝජනා කීපයක් මේ සඟරාවේ තියෙනවා.”