සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජූලි 1
“අපේ යාළුවෙක්ට බරපතළ නැත්නම් මාරාන්තික අසනීපයක් හැදුණොත් එයාව කොහොම සනසන්නද කියල අපිට හිතාගන්නවත් බැහැ. ඒත් මේ උපදෙස ගැන ඔබ මොකක්ද හිතන්නෙ? [යාකොබ් 1:19 කියවා ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලය මත පදනම් හොඳ යෝජනා කීපයක් මේ ලිපියේ තියෙනවා.” සඟරාවේ 10වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! ජූලි
“ස්ත්‍රීන්ව පූජක තනතුරුවලට පත් කළ යුතුයි කියල ඔබ හිතනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] එක ස්ත්‍රියක් ගැන බයිබලේ කියල තියෙන දේ බලන්න. [රෝම 16:1 කියවන්න.] කොහොමවුණත්, ස්ත්‍රීන් සභාවන්වලදී නිහඬව සිටිය යුතුයි කියල තවත් වගන්තියක කියනවා. ඒ ගැන බයිබලේ මොකක්ද කියන්නේ කියල මේ ලිපියේ විස්තර කරල තියෙනවා.” සඟරාවේ 28වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ අගෝස්තු 1
“න්‍යෂ්ටික යුද්ධයකින් හරි දේශගුණික වෙනස් වීමකින් හරි පෘථිවිය විනාශ වෙලා යයි කියල ගොඩක් අය හිතනවා. කවදා හරි ඒ වගේ දෙයක් වෙයි කියල ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒ ගැන බයිබලේ තියෙන දේ බලන්න. [එළිදරව් 11:18 කියවන්න.] ලෝක විනාශය හා සම්බන්ධ ප්‍රශ්න හතරකට පිළිතුරු මේ සඟරාවේ තියෙනවා.”
පිබිදෙව්! අගෝස්තු
“මීට කලිනුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ඔබට මුණගැහිල ඇති. ඒත් ඔබ කල්පනා කළාද හුඟදෙනෙක් අකමැති වුණත් ඇයි අපි ගෙවල්වලට එන්නෙ කියලා? [ප්‍රතිචාරයට ඉඩහැර, මතෙව් 24:14 කියවන්න.] අපි ගැන ගොඩක් වැරදි මත තියෙනවා කියල අපි දන්නවා. මේ සඟරාවේ විස්තර කරල තියෙනවා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කවුද කියලා.”