දෙසැම්බර් 28න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 28න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 84
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: යොෂුවා 12-15
දිව්යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 35
විනා. 5: නිවේදන. “මගේ බයිබල් කතන්දර පොත දැන් CD තැටියෙන්” යන ලිපියට අවධානය දෙන්න.
විනා. 10: ප්රතිචාරය දැක්විය හැකි ආකාරය. ඔබ සේවයේ යෙදෙන ප්රදේශයේදී මුහුණ දීමට සිදු වන බාධාවන් ජය ගත හැකි ආකාරය සබය සමඟ සාකච්ඡා කරන්න. එවැනි බාධකයක් ජය ගන්න ආකාරය සම්බන්ධයෙන් කෙටි නිරූපණයක් ඇතුළත් කරන්න. (බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නම් පොත්පිංචයේ 4 සිට 5 දක්වා පිටුවල “නිවාස බයිබල් පාඩම” යන තේමාව යටතේ ඇති එක් යෝජනාවක් යොදාගන්න)
විනා. 10: බයිබල් පාඩම් ආරම්භ කිරීම. බයිබල් පාඩම් ඉදිරිපත් කිරීමට තෝරාගෙන ඇති ඊළඟ දිනය නිවේදනය කරන්න. බයිබල් පාඩම් ඉදිරිපත් කිරීමෙන් අත් කරගත් ප්රතිඵල මොනවාද? තමන් සේවයේ ගිය ප්රදේශයේදී සාර්ථක වූ ඉදිරිපත් කිරීමක් ගැන පැවසීමට හෝ නිරූපණය කිරීමට ස්ථාවර පුරෝගාමියෙකුට හෝ වෙනත් ප්රචාරකයෙකුට ආරාධනා කරන්න.
විනා. 10: ජනවාරි මාසයේ ඉදිරිපත් කිරීම. ප්රකාශනය ඉදිරිපත් කිරීමට සුදුසු විෂයන් ගැන කෙටියෙන් සලකා බලන්න. ඉන්පසු ගෙයින් ගෙට සේවයේ යෙදෙන්නේ නැති අවස්ථාවක එම මාසයේදී ඉදිරිපත් කරන ප්රකාශනය තබමින් බයිබල් පාඩමක් පටන්ගත හැකි ආකාරය ප්රචාරකයෙකු සමඟ සාකච්ඡා කරන්න. ජනවාරි මාසයේදී බයිබල් පාඩමක් ඇරඹීමට ඉලක්කයක් තබාගන්න කියා සියල්ලන්ව දිරිගන්වන්න.
ගීතිකා අංක 193