‘ඔබේ ශිෂ්‍යයා වෙනුවෙන් කැප වෙන්න’
1. ශිෂ්‍යයෙකුට උපකාර කරන්න අවශ්‍ය කුමක්ද?
1 දෙවිට කැප වෙන්න ශිෂ්‍යයෙකුට උපකාර කරන්න නම් ඔහු සමඟ නිතිපතා බයිබල් පාඩම කරනවාට අමතර දෙයක් කළ යුතුයි. පාවුල් තමාගෙන් ඉගෙනගත් අය සමඟ තමාට ඇති බැඳීම සමාන කළේ කිරි දෙන මවක් හා දරුවෙකු අතර ඇති බැඳීමටයි. අපත් කැමති, දෙවි සමඟ තිබෙන බැඳීම ශක්තිමත් කරගන්න අපේ ශිෂ්‍යයන්ට උපකාර කරන්නයි. ඒ වෙනුවෙන් කැප වීමක් කළ යුතුයි.—1 තෙස. 2:7-9.
2. අපි පෞද්ගලික සැලකිල්ලක් දැක්විය යුත්තේ ඇයි? එය කළ හැක්කේ කෙසේද?
2 පෞද්ගලික සැලකිල්ලක් දක්වන්න: බයිබල් ශිෂ්‍යයෙක් තමන් ඉගෙනගන්නා දේවල් අදාළ කරගන්න විට බයිබල් ප්‍රතිපත්ති අනුව ජීවත් නොවන අය සමඟ තිබෙන කිට්ටු ඇසුරෙන් ඈත් වෙන්න පෙලඹෙනවා. (1 පේතෘ. 4:4) සමහරවිට ඔහුගේ පවුලේ අයත් ඔහුව අත්හරියි. (මතෙ. 10:34-36) එවිට තනි වෙන්න ඉඩ නොදී ඔහු කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන්න අපට හැකියි. අද්දැකීම් ලත් මිෂනාරි සහෝදරයෙක් නිර්දේශ කරන්නේ මෙයයි: “පාඩම ඉවර වුණ ගමන්ම යන්න එපා. සුදුසු අවස්ථාවලදී පාඩමෙන් පස්සේ ඔහු එක්ක ටික වෙලාවක් කතා කරන්න.” ඔහු අසනීපෙන් සිටිනවා නම් දුරකථන ඇමතුමක් දෙන්න හෝ ඔහුව බලන්න යන්න. අවශ්‍ය විටක රැස්වීම්වලදී ශිෂ්‍යයා අසල වාඩි වී ඔහුගේ දරුවන්ටත් උපකාර කරන්න.
3. සභාවේ අයගෙන් ශිෂ්‍යයාට දිරිගැන්වීමක් ලැබෙන්නේ කෙසේද?
3 සභාවෙන් උපකාර: ඔබේ ශිෂ්‍යයාගේ නිවස කිට්ටුව ඔබ සේවයේ යෙදෙනවා නම් ටික වෙලාවකට එහි ගොස් ඔබ සමඟ සේවයේ යෙදෙන කෙනාව හඳුන්වා දෙන්න පුළුවන්. පාඩමට යද්දී සුදුසු අවස්ථාවල කලින් කලට වැඩිමහල්ලන්ව සහ වෙනත් ප්‍රචාරකයන්ව කැටුව යන්න. පාඩමක් පටන්ගත් පසු කල් නොයවා රැස්වීම්වලට පැමිණීමට ඔහුව දිරිගන්වන්න. එවිට සභාවේ සිටින සාමාජිකයන් සමඟ වර්ධනය ගෙන දෙන ඇසුරක් පවත්වන්න ඔහුට හැකියි. ඒ ආකාරයෙන් දෙවිට නමස්කාර කරන්නන්ගේ පවුල තුළ සාමාජිකයෙක් වෙන්න ඔහුට පුළුවන්.—මාක් 10:29, 30; හෙබ්‍රෙ. 10:24, 25.
4. අපේ උත්සාහයට ලැබෙන්නේ මොන වගේ ආශීර්වාදද?
4 දරුවන්ට දෙවි සමඟ ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න වෙහෙස නොබලා උපකාර කරන දෙමාපියන්, තම දරුවන් යෙහෝවා දෙවිට නමස්කාර කරමින් සත්‍ය මාර්ගයේ ගමන් කරනවා දැකීමෙන් මහත් ප්‍රීතියක් ලබනවා. (3 යොහ. 4) අපේ බයිබල් ශිෂ්‍යයන්ට උපකාර කරන්න අපි කැප වූ විටත් එවැනිම ප්‍රීතියක් ලැබිය හැකියි.