මගේ බයිබල් කතන්දර පොත දැන් CD තැටියෙන්
1 මෙම ප්රකාශනය අඩංගු CD තැටිය දැන් සිංහලෙන් ලබාගත හැකියි. දරුවන්ට බයිබල් කතන්දර දැනගැනීම සඳහා මෙය ඉතා හොඳ මෙවලමක්. සෑම රාත්‍රියකම ඔබේ දරුවාට බයිබල් කතන්දරයක් කියවන්න. එවිට දැනුමෙන් වර්ධනය වෙන්නත් යෙහෝවා දෙවිට ළං වෙන්නත් ඔබේ දරුවාට හැකි වෙනවා.
2 අපේ බයිබල් ශිෂ්‍යයන්ට කුඩා දරුවන් සිටී නම් ඔවුන්ට බයිබලය ගැන උගන්වන්න මෙම CD තැටි හා පොත භාවිත කරන්න බයිබල් ශිෂ්‍යයන්ට හැකියි. නෝවා දෙවි සමඟ ගමන් කළා–දාවිත් දෙවිව විශ්වාස කළා යන DVD තැටියත් අපගේ දරුවන්ට ප්‍රයෝජනවත් වෙයි.
3 වෙනත් සිංහල ප්‍රකාශනද දැන් CD තැටිවලින් ලබාගත හැකියි. ඒ ප්‍රකාශන මොනවාද කියා ඉදිරියේදී දැන්වීම් පුවරුවෙන් බලාගත හැකි වෙයි.