දෙසැම්බර් 21න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 21න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 73
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: යොෂුවා 9-11
අංක. 1: යොෂුවා 9:1-15
අංක. 2: අර්මගෙදොන් ළඟ බව අපි දැනගන්නේ කොහොමද? (lr 47 පරි.)
අංක. 3: දෙවිගේ සාමකාමී නව ලෝකයේ ජීවත් වෙන්න ඔයාට පුළුවන් (lr 48 පරි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 4
විනා. 5: නිවේදන.
විනා. 15: මුරටැඹ සහ පිබිදෙව්! ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. කණ්ඩායම් භාර සහෝදරයා යෞවන ප්‍රචාරකයෙකු සමඟ නිරූපණයක් කරයි. ඔහු එම තෝරාගත් විෂය ගැනත් යොදාගන්න ප්රශ්නය හා බයිබල් පදය ගැනත් ප්‍රචාරකයාට පැහැදිලි කරයි. එවිට තමාත් ඉදිරිපත් කිරීමක් ගැන කල්පනා කරලා තිබුණත් ඒක නිවැරදිව කිරීමට උපකාර අවශ්‍ය බව ප්‍රචාරකයා පවසයි. දෙදෙනාම එකතු වී ප්‍රචාරකයා ඉදිරිපත් කරන සඟරාවට අදාළ ප්‍රශ්නයක් ගොඩනඟා සුදුසු බයිබල් පදයක් තෝරාගනියි.
විනා. 15: “‘ඔබේ ශිෂ්‍යයා වෙනුවෙන් කැප වෙන්න.’” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. දෙවන ඡේදය සලකා බැලුවායින් පසු තම ශිෂ්‍යයා කෙරෙහි පෞද්ගලික සැලකිල්ලක් දක්වන්න තමන් වෑයම් කළ ආකාරය ප්රචාරකයෙකුගෙන් විමසන්න. ප්‍රතිඵලය කුමක්ද? එමෙන්ම බයිබලය ගැන කියා දුන් කෙනා දැක්වූ පෞද්ගලික සැලකිල්ල නිසා ප්‍රයෝජන ලැබූ ප්රචාරකයෙකුවත් සම්මුඛ සාකච්ඡාවට කැඳවන්න.
ගීතිකා අංක 66