දෙසැම්බර් 14න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 14න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 41
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: යොෂුවා 6-8
අංක. 1: යොෂුවා 8:1-17
අංක. 2: ලෝකයක් වතුරෙන් විනාශ වෙයි—ආයෙත් සැරයක් ඒ වගේ වෙයිද? (lr 46 පරි.)
අංක. 3: දේශනාකාරයා 7:21, 22හි ඇති උපදෙස ප්‍රායෝගික උපදෙසක් වන්නේ ඇයි?
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 161
විනා. 5: නිවේදන.
විනා. 15: ආගම ගැන කතා කරන්න මට බියක් දැනෙන්නේ ඇයි? වර්ෂ 2009 ජූලි පිබිදෙව්!හි 24-27 දක්වා පිටු මත පදනම් කතාවක්. පවුලේ නමස්කාරය සඳහා වෙන් කළ රාත්රියේදී තම දරුවාගෙන් පාසැලේදී අසන්න ඉඩ තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා දෙමාපියන් දරුවාව පුහුණු කරන ආකාරය නිරූපණය කරන්න. ඔවුන් 25වන පිටුවේ තිබෙන එක ප්‍රශ්නයක් ගැන පර්යේෂණය කරමින් සාකච්ඡා කර පුහුණු වෙයි. දරුවා තමාගෙන් අහන ප්‍රශ්නයට පිළිතුරු දෙයි.
විනා. 15: “උද්යෝගයෙන් දේශනා කරන්න.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. හතරවන ඡේදය සාකච්ඡා කරන විට උද්යෝගයෙන් සේවයේ යෙදෙන ප්‍රචාරකයෙකු කැඳවා මෙම ප්‍රශ්න අසන්න. අනවශ්‍ය දේවල් ගැන සිත යොමු කිරීමෙන් වැළකීමට ඔබ ගෙන තිබෙන්නේ මොන වගේ පියවරවල්ද? උද්යෝගයෙන් දේශනා සේවයේ යෙදීමෙන් ඔබට ලැබී තිබෙන ප්‍රයෝජන මොනවාද?
ගීතිකා අංක 92