සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ නොවැම්බර් 1
“විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න බොහෝ පවුල්වලට සිදු වෙනවා. හැබැයි පවුලේ සාමාජිකයන් යේසුස්ව අනුකරණය කරන්න වෑයම් කරනවා නම් කොහොම වෙයිද? [මතෙව් 20:28 කියවා ප්‍රතිචාරයට ඉඩහරින්න.] යේසුස්ගේ ආදර්ශයෙන් පවුල්වලට ගත හැකි පාඩම් පහක් ගැන මේ ලිපියේ විස්තර කරනවා.” සඟරාවේ 16වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! නොවැම්බර්
“ආගම් නිසා ප්‍රේමය හා සාමය ඇති වෙලා තියෙනවද නැත්නම් වෛරය හා දරුණු ක්‍රියා වැඩි වෙලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒකෙන් පේන්නේ හුඟදෙනෙක් යේසුස්ගේ මේ වචන අදාළ කරගෙන නැති බවයි. [මතෙව් 5:44, 45 කියවන්න.] සතුරන්ට ප්‍රේම කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයට මේ ලිපියේ පිළිතුරු දෙනවා.” දහවන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ දෙසැම්බර් 1
“දෙවි මේ ලෝකයේ තියෙන දුක් වේදනා කවදාහරි නැති කරලා දායි කියලා හිතනවද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] දුක් වේදනා නැති කරන බවට බලාපොරොත්තුවක් ලබා දෙන පොරොන්දුවක් බයිබලයේ තියෙනවා. [හත්වන පිටුවේ ඇති කොටුවේ තිබෙන බයිබල් පදයක් කියවන්න.] දෙවි සියලුම දුක් වේදනා නැති කරන්නේ කවදාද කොහොමද කියලා බයිබලයේ පවසන දේ මේ සඟරාවේ පෙන්වනවා.”
පිබිදෙව්! දෙසැම්බර්
“සමහරු දෙවි කෙනෙක් විශ්වය නිර්මාණය කළා කියලා විශ්වාස කළත් තවත් සමහරු හිතන්නේ විශ්වය කිසි අරමුණක් නැතුව ඉබේ ඇති වුණා කියලයි. ඔබේ අදහස මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ අදහස මේකයි. [හෙබ්‍රෙව් 3:4 කියවන්න.] විශ්වයේ ආරම්භය සහ අරමුණ ගැන මේ සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා.”