ඕනෑම අවස්ථාවකදී සාක්ෂි දැරීමට ඔබ සූදානම්ද?
1. වෙනත් අවස්ථාවල පෞද්ගලිකව සාක්ෂි දැරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බවට උදාහරණයක් දෙන්න.
1 සභාවෙන් සැලසුම් කරන සේවයට අමතරව වෙනත් අවස්ථාවලදී පෞද්ගලිකව සාක්ෂි දැරීම ඉතා සාර්ථක විය හැකියි. එසේ කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන බවට උදාහරණ බයිබලයේ තිබෙනවා. (යොහ. 4:7-15) ඕනෑම අවස්ථාවක සාක්ෂි දරන්න සූදානම් වීමට අපටත් හැක්කේ කොහොමද?
2. ඕනෑම අවස්ථාවක සාක්ෂියක් දරන්න අපේ ඇඳුම් පැළඳුම් සහ පෙනුම දායක වන්නේ කෙසේද?
2 ඇඳුම් පැළඳුම්: අපි සැමවිටම ඇඳුම් පැළඳුම් සහ පෙනුම ගැන සැලකිලිමත් වෙනවා නම් ඕනෑම අවස්ථාවකදී සාක්ෂි දරන්න අපට පහසු වෙනවා. (1 තිමෝ. 2:9, 10) අප එතරම් පිළිවෙළකට ඇඳ පැළඳ නැති බව අපටම වැටහෙනවා නම් සාක්ෂි දැරීමට අපි පසුබට වෙයි. අනිත් අතට අපි පිළිවෙළකට සැරසී සිටිනවා නම් අන් අය අප සමඟ කතා කිරීමට පෙලඹෙයි. එක් අවස්ථාවකදී විනීතව ඇඳ පැළඳ සිටි සාක්ෂිකාර යුවළක් ගමනක් යන විට මුස්ලිම් කෙනෙක් ළඟ වාඩි වී සිටියා. ඔවුන්ගේ විනීත ඇඳුම් පැළඳුම් නිසා ඔවුන් ක්‍රිස්තියානීන්ද කියා ඔහු ඔවුන්ගෙන් ඇසුවා. එහි ප්‍රතිඵලය වුණේ පැය තුනක පමණ බයිබල් සාකච්ඡාවක් ඇති වීමයි.
3. යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරමින් ඔබ සංවාදයක් අරඹා තිබෙන්නේ කෙසේද?
3 සංවාදයන් ඇරඹීම: යේසුස් යාකොබ්ගේ ළිඳ ළඟදී සමාරියේ ස්ත්‍රියක් මුණගැසුණු විට සංවාදයක් ඇරඹුවේ ඉතා සරල විදිහකටයි. ඔහු ඇගෙන් බොන්න වතුර ටිකක් ඉල්ලුවා. එලෙසම අපටත් කෙටි අදහසක් පළ කිරීමෙන් හෝ සරල ප්‍රශ්නයක් ඇසීමෙන් සංවාදයක් ඇරඹිය හැකියි. අමුත්තෙකුට කතා කරන්න අපි ටිකක් අදිමදි කිරීමට ඉඩ තිබුණත් යෙහෝවා දෙවිගේ උපකාර ඇතුව සංවාදයක් ඇරඹීමට “නිර්භීතකම” උපදවාගත හැකියි.—1 තෙස. 2:2.
4. ඕනෑම අවස්ථාවකදී සාක්ෂි දරන්න සූදානම් විය හැක්කේ කෙසේද?
4 අවස්ථා උදා කරගන්න: බොහෝ ප්‍රචාරකයන් සාක්ෂි දැරීමට විවිධ අවස්ථා උදා කරගෙන තිබෙනවා. ඔබට උදා කරගත හැකි අවස්ථා ගැනත්, ඔබට එදිනෙදා මුණගැසෙන අය ගැනත් ටිකක් කල්පනා කරන්න. සුදුසු පොත් පත්, සඟරා සහ කුඩා බයිබලයක් රැගෙන යන්න. හොඳ නිරීක්ෂකයෙක් වන්න. ඔබ අවට සිටින අය සමඟ කතා කිරීමට අවස්ථාවක් උදා කරගත හැකිද කියා විමසිල්ලෙන් සිටින්න. මෙවැනි අවස්ථා ගැන ඔබ කල්පනාකාරීව සිටින විට ඕනෑම අවස්ථාවකදී කදිම සාක්ෂියක් දරන්න ඔබට හැකියි.—ෆිලි. 1:12-14; 1 පේතෘ. 3:15.
5. අපි ඕනෑම අවස්ථාවකදී සාක්ෂි දැරීමට සූදානමින් සිටිය යුත්තේ ඇයි?
5 ඕනෑම අවස්ථාවකදී සාක්ෂි දරන්න සූදානමින් සිටීමට අපි පෙලඹෙන හේතු දෙක වන්නේ දෙවිට තිබෙන ප්‍රේමය හා අසල්වාසීන්ට දක්වන ප්‍රේමයයි. (මතෙ. 22:37-39) දේශනා සේවය ඉතා වැදගත් කාර්යයක්. එය කිරීමට ඉතුරු වී තිබෙන්නේ තව ටික කාලයයි. ඒ නිසා සෑම අවස්ථාවකින්ම අපි ප්‍රයෝජන ගනිමු. සෑම අවස්ථාවකදීම රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට අපි සූදානම්ව සිටිමු.—රෝම 10:13, 14; 2 තිමෝ. 4:2.