සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ අගෝස්තු 1
“හුඟදෙනෙක් හිතන්නේ හොඳ අය ඔක්කොම ස්වර්ගයට යනවා කියලා. ඔබත් හිතන්නේ එහෙමද? [ප්රතිචාරයට ඉඩහරින්න.] මේ බලන්න බයිබලයේ කියන දේ. [ගීතාවලිය 37:11, 29 කියවන්න.] මේ පොළොව ගැනත් මිනිසුන්ගේ අනාගතය ගැනත් යේසුස් කිව්ව දේවල් මේ ලිපියේ විස්තර කරලා තියෙනවා.” සඟරාවේ 22වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! අගෝස්තු
“කෙනෙක්ගේ අම්මා හරි තාත්තා හරි මැරුණොත් ඒක එයාට දරාගන්න බැරි වේදනාවක් කියලා ඔබ හිතන්නේ නැද්ද? [ප්රතිචාරයට ඉඩහරින්න.] ඒ වගේ අයට මේ වගේ බයිබල් පදවලින් සැනසීමක් ලැබිලා තියෙනවා. [එළිදරව් 21:4 කියවන්න.] විශේෂයෙන්ම යෞවනයෙක් ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්නේ කොහොමද කියලා මේ ලිපියේ පැහැදිලි කරලා තියෙනවා.” සඟරාවේ 10වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ සැප්තැම්බර් 1
“කෙනෙක් දුප්පත් වෙන්නේ දෙවියන්ගේ අනුමැතිය නැති නිසා කියලත් දෙවියන්ව විශ්වාස කළොත් පොහොසත් වෙන්න පුළුවන් කියලත් සමහරු විශ්වාස කරනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද? [ප්රතිචාරයට ඉඩහැර ලූක් 9:58 කියවන්න.] ඒ පදයේ කියන විදිහට යේසු ධනවත් කෙනෙක් නෙවෙයි. දෙවිව විශ්වාස කරන අයට ලැබෙන්නේ මොන වගේ ආශීර්වාදද කියලා මේ සඟරාවේ සඳහන් වෙනවා.”
පිබිදෙව්! සැප්තැම්බර්
“ඉස්සරට වඩා අද ඉන්න යෞවනයන් අභියෝගවලට මුහුණ දෙනවා නේද? [ප්රතිචාරයට ඉඩහැර 2 තිමෝති 3:1 කියවන්න.] මේ පදයේ අපේ කාලය ගැන හරියටම විස්තර කරලා තියෙනවා. මේ වගේ කාලෙක දෙමව්පියන්ට සහ යෞවනයන්ට උපකාර වෙන බයිබල් ප්රතිපත්ති කීපයක් මේ සඟරාවේ තියෙනවා.”