සැප්තැම්බර් 14න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 14න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 117
□ සභා බයිබල් පාඩම:
හයවන කොටස සහ බයිබල් කතන්දර අංක 84
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ගණන් කතාව 26-29
අංක 1: ගණන් කතාව 27:1-14
අංක 2: දෙවි සිතන ආකාරයට සිතීම යනු කුමක්ද? එය වැදගත් වන්නේ ඇයි? (එෆී. 6:4)
අංක 3: අපිව ආරක්ෂා කරන්න යේසුස්ට පුළුවන් (lr 33 පරි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 33
විනා. 5: නිවේදන.
විනා. 10: නැවත බැලීම් කිරීම. වර්ෂ 2007 ජනවාරි අපගේ රාජ්ය සේවාවේ 4වන පිටුවේ “නැවත බැලීම්” නමැති උපමාතෘකාව යටතේ තිබෙන ඡේද තුන සබය සමඟ සාකච්ඡා කරන්න. බයිබල් ඉගැන්වීම් පොත පිළිගත් කෙනෙකු සමඟ නැවත බැලීමක් කරන ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: බයිබල් පාඩම් පටන්ගැනීම. මාසයේ ඒ සඳහා වෙන් කළ දවසේදී ලැබූ අද්දැකීම් පැවසීමට සලස්වන්න. නැත්නම් ප්රචාරකයන්ව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. බයිබල් ඉගැන්වීම් පොත යොදාගෙන මුල් හමුවීමේදීම බයිබල් පාඩමක් පටන්ගත හැකි ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: “යේසුස් මෙන් පිළිතුරු දෙන්න.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 56