ජූනි 22න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 22න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 177
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ලෙවී කතාව 10-13
අංක 1: ලෙවී කතාව 11:29-45
අංක 2: මිනිස්සු අසනීප වන හේතුව (lr 23 පරි.)
අංක 3: යේසුස්ගේ බව්තීස්ම ලත් අනුගාමිකයන් භුක්ති විඳින ආශීර්වාද
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 7
විනා. 5: නිවේදන.
විනා. 10: ඔබට සවන් දෙන අයට කල්පනා කිරීමට දිරිගන්වන්න. සේවා පාසැල පොතේ 57වන පිටුවේ 3වන ඡේදයේ සිට 58වන පිටුවේ 3වන ඡේදය දක්වා සබය සමඟ කරන සාකච්ඡාවක්.
විනා. 10: ජූලි 1 මුරටැඹ සහ ජූලි පිබිදෙව්! කලාප ඉදිරිපත් කිරීමට සූදානම් වෙමු. එම සඟරාවල ලිපි ගැන සමස්ත අදහසක් කෙටියෙන් ඉදිරිපත් කර, ජනයාගේ සිත්ගන්නේ මොන වගේ ලිපිද කියා සබයෙන් අසන්න. එසේ පැවසීමට හේතුවද විමසන්න. ලිපි හඳුන්වා දීමට ඇසිය හැක්කේ කිනම් ප්රශ්නද කියාත් ඉන්පසු කියවිය හැක්කේ කුමන බයිබල් පදද කියාත් සබයෙන් අසන්න. මෙම සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: ආගම ගැන කතා කරන්න අකමැති අයට ප්රතිචාරය දැක්විය හැකි අයුරු. බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු නම් පොත්පිංචයේ 7-11 දක්වා පිටු පදනම්ව සබය සමඟ කරන සාකච්ඡාවක්. එහි සඳහන් යෝජනා එකක් හෝ දෙකක් නිරූපණය කරන්න.
ගීතිකා අංක 27