ජූනි 29න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 29න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 124
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ලෙවී කතාව 14-16
දිව්යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 81
විනා. 5: නිවේදන.
විනා. 10: මනා පෞද්ගලික පෙනුම—එය වැදගත් වන්නේ මන්ද? සේවා පාසැල පොතේ 131-134 දක්වා පිටු පදනම්ව සබය සමඟ කරන සාකච්ඡාවක්.
විනා. 10: “සියලු ආකාරයේ පුද්ගලයන්ට” ගැළපෙන බයිබල් විෂයන් තෝරාගන්න. (1 කොරි. 9:22) සබය සමඟ සාකච්ඡාවක්. පහත සඳහන් ප්රශ්න සාකච්ඡා කරන විට සබයේ සිටින අයගේ පෞද්ගලික අද්දැකීම් විමසන්න. එක් එක් වයස් කාණ්ඩවලට මෙන්ම ස්ත්රීන්ට, පුරුෂයන්ට හෝ ආගමික කණ්ඩායම්වලට සුදුසු වන්නේ කුමන විෂයන් කියාද ඔබ සිතන්නේ? පසුගිය රාජ්ය සේවාවන්වලින් (උදාහරණයකට 2006 ජනවාරි රාජ්ය සේවාවේ අතිරේකය) සුදුසු විෂයන් තෝරාගත හැක්කේ කෙසේද? සූදානම් වූ විෂයට වඩා වෙනස් විෂයක් කතා කරන්න සිදු වුණොත් කුමක් කළ හැකිද?
විනා. 10: ජූලි සහ අගෝස්තු මාසවලදී ඉදිරිපත් කරන ප්රකාශන ගැන සාකච්ඡා කරන්න. සභාවට අයත් ප්රදේශයට ගැළපෙන ඉදිරිපත් කිරීම් දෙකක් හෝ තුනක් නිරූපණය කරන්න.
ගීතිකා අංක 215