මාර්තු 30න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 217
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: නික්මයාම 1-6
අංක 1: නික්මයාම 1:1-19
අංක 2: යෙසුස් අපිට යාච්ඤා කරන්න උගන්වයි (lr 12 පරි.)
අංක 3: සුව කිරීම, අන්‍ය භාෂා: අද දින ඇදහිල්ලෙන් සුව කිරීම්, දිව්‍ය අනුමැතිය තිබෙන බවට සාක්ෂියක් නොවේ (42ඇ, බයිබලයේ 1703 පි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 128
විනා. 5: සභා නිවේදන. සිහි කිරීම ගැන යම් නිවේදන ඇතුළත් කරන්න.
විනා. 15: සිහි කිරීමට පැමිණෙන උනන්දුව දක්වන අයට උපකාර කිරීමට සූදානම්ව සිටින්න. සේවා අවේක්ෂක ඉදිරිපත් කරන කතාවක්. බයිබල් ශිෂ්‍යයන්ට, අක්‍රියාශීලී ප්‍රචාරකයන්ට මෙන්ම සිහි කිරීමට පැමිණෙන හිත මිතුරන් සහ පවුලේ සාමාජිකයන් යනාදි වෙනත් අයටද උපකාර කිරීම සඳහා අපට කළ හැකි දේවල් පෙන්වා දෙන්න. (වර්ෂ 2008 මාර්තු අපගේ රාජ්‍ය සේවාව 8වන පිටුව බලන්න.) පැමිණි කෙනෙක් සමඟ බයිබල් පාඩමක් කළ හැකි අයුරු පෙන්වන කෙටි නිරූපණයක්ද කරන්න. සිහි කිරීම වෙනුවෙන් අප්‍රියෙල් 5වන ඉරිදා සිට කියවීමට සැලසුම් කර තිබෙන බයිබල් පද කියවීමට මතක් කරන්න. එය කළ හැකි ආකාරය ගැන යෝජනා ඉදිරිපත් කරන්න.
විනා. 15: “බයිබලය–– සත්‍ය තොරතුරු හා අනාවැකිවලින් යුත් පොතකි.” (මෙය ඉදිරිපත් කරන්නේ යම් දුරකට ඉංග්‍රීසි භාෂාව දන්නා සහෝදරයෙක් නම් වඩාත් හොඳයි. මෙම වීඩියෝ පටයෙන් හෝ DVD තැටියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සබයට උපකාර කරන්න එවිට ඔහුට හැකි වෙයි.) හැඳින්වීම සඳහා විනාඩියකට වඩා අඩු කාලයක් ගන්න. ඉන්පසු ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 213