බයිබලය—සත්‍ය තොරතුරු හා අනාවැකිවලින් යුත් පොතකි
බයිබලය—සත්‍ය තොරතුරු හා අනාවැකිවලින් යුත් පොතකි නමැති කොටස් තුනකින් යුත් DVD දර්ශන මාලාවේ පළමු එක මිනිසා සතු පැරණිතම මෙන්ම නවීනතම පොත වන බයිබලය යන්නයි. එම DVD දර්ශනය හෝ වීඩියෝ පටය නරඹා පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න.
(1) බයිබලය නවීන විද්‍යාව සමඟ එකඟ වන්නේ කුමන ආකාරවලින්ද? (2) වර්තමානයේ තිබෙන බයිබල්වල අඩංගු වන්නේ මුල්ම ලියවිලිවල තිබූ තොරතුරුම කියා නිසැක වෙන්න අපට පුළුවන් කොහොමද? (3) බයිබලයේ පැරණි අත්පිටපත්වල විශේෂ ලක්ෂණයක් නම් කරන්න. (4) ලොව පුරා දෙවිගේ වචනය ව්‍යාප්ත කිරීම සඳහා ජෝන් වයික්ලිෆ්, යොහානස් ගුටන්බර්ග්, විලියම් ටින්ඩේල්, යාන් හුස්, මාටින් ලූතර්, කාස්යෝඩෝරෝ ඩෙ රේනා හා චාල්ස් ටේස් රසල් වැනි අය දායක වුණේ කුමන ආකාරවලින්ද? එමෙන්ම පල්ලිය දැඩි ලෙස බයිබලයට විරෝධය පෑවේ කෙසේද? (5) සෞඛ්‍ය ගැටලු (ගීතා. 34:8), සූදුවට ඇබ්බැහි වීම (1 තිමෝ. 6:9, 10), විවාහකයන් වෙන් වීම හා විවාහයේ විශ්වාසවන්තභාවය කඩ කිරීම (1 කොරි. 13:4, 5; එෆී. 5:28-33) සහ ධන සම්පත් පසුපස හඹා යෑම (මතෙ. 16:26) යනාදි ගැටලු ජයගැනීමට බයිබලයේ සඳහන් උපදෙස් ජනයාට උපකාරවත් වී තිබෙන්නේ කොහොමද? (6) බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් විවිධ ජාතීන් අතර පවතින වෛරය පරාජය කළ හැකි බවට තිබෙන සාක්ෂි මොනවාද (ලූක් 10:27)? (7) බයිබලයේ තිබෙන දේවල් ඉගෙනගැනීමෙන් ඔබ මහත් සතුටක් ලබා තිබෙන්නේ කුමන ආකාරවලින්ද? (8) අන් අයට ඉගැන්වීම සඳහා මෙම DVD දර්ශන යොදාගත හැක්කේ කෙසේද?––වර්ෂ 2006 පෙබරවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ අටවන පිටුව බලන්න.