මාර්තු 23න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 76
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 47-50
අංක 1: උත්පත්ති 48:1-16
අංක 2: අප යක්ෂයාට භය විය යුතුද?
අංක 3: දේවදූතයන්ගෙන් උපකාර (lr 11 පරි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 118
විනා. 5: සභා නිවේදන.
විනා. 10: අප්‍රියෙල් 1 මුරටැඹ සහ අප්‍රියෙල් පිබිදෙව්! කලාප ඉදිරිපත් කිරීමට සූදානම් වෙමු. එම සඟරාවල ලිපි ගැන සමස්ත අදහසක් කෙටියෙන් ඉදිරිපත් කර, ප්‍රදේශයේ ජනයාගේ සිත්ගන්නේ මේ සඟරාවල තිබෙන මොන වගේ ලිපිද කියා සබයෙන් අසන්න. එසේ පැවසීමට හේතුවද විමසන්න. ලිපි හඳුන්වා දීමට ඇසිය හැක්කේ කිනම් ප්‍රශ්නද කියාත් ඉන්පසු කියවිය හැක්කේ කුමන බයිබල් පදද කියාත් සබයෙන් අසන්න. මෙම සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න. ඉන් එකකදී නැවත බැලීමක් කර පාඩමක් පටන්ගන්නා ආකාරය පෙන්වන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: ගෙවැසියාට හොඳින් සවන් දීමෙන් හා ඔහුගේ අදහස් සැලකිල්ලට ගැනීමෙන් ඔහුට ගරු කරන්න. සේවා පාසැල පොතේ 186-187 දක්වා පිටු පදනම් කරගෙන සභාව සමඟ කරන සාකච්ඡාවක්. එය කළ හැකි ආකාරය නිරූපණයකින් පෙන්වන්න. ඉන්පසු ප්‍රචාරකයා ගෙවැසියා වෙත එළඹුණු ආකාරය සුදුසු එකක් වීමට හේතුව සබයෙන් විමසන්න.
ගීතිකා අංක 89