පෞද්ගලික පාඩමත් පවුලේ පාඩමත් අතපසු නොකරමු
1. එදා මෙන් අදත් පාලක මණ්ඩලය විශේෂ සැලකිල්ලක් දක්වන්නේ කුමක් ගැනද? ඒ ඇයි?
1 මුල් සියවසේදී මෙන් අදත් පාලක මණ්ඩලය දෙවිගේ සෙනඟගේ යහපත උදෙසා ඉමහත් සැලකිල්ලක් දක්වනවා. (ක්‍රියා 15:6, 28) අප දිනෙන් දින මහත් පීඩාව වෙතට ළං වන විට දෙවි සමඟ තිබෙන අපේ බැඳීම තව තවත් ශක්තිමත් කරගැනීම ඉතාම වැදගත්. අප සභා පොත් පාඩම සඳහා වෙන් කළ කාලය ඉදිරියේදී යොදාගන්නේ කුමක් සඳහාද? එම කාලය අපේ නමස්කාරයේ වැදගත් අංගයක් වන පවුලේ පාඩම සඳහා යොදවන්න කියා සියලුදෙනාවම දිරිගන්වන්න කැමතියි. අප මෙම කාලය නැණවත් ලෙස යොදාගන්නවා නම් දෙවිගේ වචනය පුළුල් ලෙස අධ්‍යයනය කර ඉන් ප්‍රයෝජන ගැනීමට හැකි වෙයි.—ගීතා. 1:1-3; රෝම 11:33, 34.
2. දැන් අපේ පවුලේ පාඩම සැලසුම් කළ හැක්කේ කෙසේද?
2 පවුලේ පාඩම සඳහා රාත්‍රියක්: නිතිපතා අර්ථවත් ලෙස පවුලේ පාඩම කිරීමේ වගකීම දෙවි පවරා තිබෙන්නේ පවුල් මූලිකයන්ටයි. ඒ නිසා කලින් පොත් පාඩමට වෙන් කළ කාලය පවුලේ පාඩමට යොදවන්න කියා ඔවුන්ව දිරිගන්වන්න කැමතියි. (ද්වි. 6:6, 7) තනිකඩ සහෝදර සහෝදරියන්ට එම කාලය පෞද්ගලික අධ්‍යයනයට හා පර්යේෂණ කිරීම සඳහා යෙදවිය හැකියි. මේ ‘නපුරු දවස්වලදී’ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීම අත්‍යවශ්‍ය නිසා ‘කාලය මිල දී ගෙන’ අධ්‍යයනය කිරීමත් ඉගෙනගන්නා කරුණු ගැන ගැඹුරින් සිතා බැලීමත් අවශ්‍යයි.—එෆී. 5:15, 16, පාදසටහන.
3, 4. පවුලේ පාඩම කිරීම සඳහා අපට යොදාගත හැක්කේ මොනවාද? මෙම පාඩම කළ යුත්තේ කිනම් අරමුණක් ඇතුවද?
3 අධ්‍යයනය කරන්නේ කුමක්ද? පවුලේ පාඩම රසවත් ආකාරයකට කිරීම සඳහා මුරටැඹ ප්‍රකාශන සූචියේ හෝ සංයුක්ත තැටිවල අඩංගු මුරටැඹ පුස්තකාලයේ ඇති තොරතුරු උපකාරවත් වෙයි. මුරටැඹෙහි පළ වෙන විශේෂාංග වන “පවුලේ සමඟියට අත්වැලක්,” “ඔබේ දරුවන්ට උගන්වන්න” හා “යොවුන් ඔබට” වැනි ලිපි මෙන්ම පිබිදෙව්! සඟරාවෙහි පළ වන “යෞවන අය අසති” හා මැවිල්ලේ චමත්කාරය හුවා දක්වන ලිපිද පවුලක් හැටියට සලකා බැලිය හැකියි.
4 ප්‍රමාණවත් කාලයක් ගෙන බයිබලය කියවීමෙන් පවුලේ අයගේ සිත්වලට එහි සඳහන් ප්‍රතිපත්ති හා පාඩම් හොඳින් කාවැද්දවිය හැකියි. (හෙබ්‍රෙ. 4:12) ඉඳ හිට සංවිධානයේ වීඩියෝ පට නරඹා ඒවා සාකච්ඡා කිරීමටත් හැකියි. ඔබ කැමති ආකාරයට පාඩම කිරීම සඳහා නව ක්‍රම අත්හදා බැලීමටත් ඔබට අවස්ථාව තිබෙනවා. පාඩම කිරීමට තමන් කැමති ආකාරය ගැන පවුලේ අයගෙන්ද විමසා බැලීම හොඳ අදහසක්.
5. මේ කාලයේදී පෞද්ගලික පාඩම හා පවුලේ පාඩම කිරීම එතරම්ම වැදගත් ඇයි?
5 කල් නොදමන්න: ‘නොසැලී ස්ථිරව සිට යෙහෝවා දෙවි අපව ගලවාගන්නා ආකාරය ඇස් දෙකෙන්ම’ දැකගැනීමට නම් අපේ ඇදහිල්ල ශක්තිමත්ව තිබිය යුතුමයි. (නික්. 14:13, NW) “වංක නොමඟ ගිය පරම්පරාවක් අතරේ” දරුවන්ව ඇති දැඩි කිරීමට දෙමව්පියන්ට දෙවිගේ මඟ පෙන්වීම් අවශ්‍යයි. (ෆිලි. 2:15) එමෙන්ම සදාචාරය පිරිහී තිබෙන මේ කාලයේ පාසැල් යන අපේ දරුවන්ට නරක ආශ්රයෙන් වැළකී සිටීමටද උපකාර අවශ්‍යයි. (හිතෝ. 22:3, 6) විවාහයේ “තුන්පට ලණුව” ශක්තිමත්ව තබාගැනීමට විවාහකයන්ද මහත් වෑයමක් දැරිය යුතුයි. (දේශ. 4:12) මෙසේ ‘ඉතා ශුද්ධ වූ ඇදහිල්ල’ මත අපව ගොඩනඟා ගැනීම සඳහා ඉතිරි වී තිබෙන කාලය නැණවත්ව භාවිත කරමු.—යූද් 20.