දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය පහත සඳහන් ප්‍රශ්න 2008
ඔක්තෝබර් 27න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී සලකා බලනු ලැබේ. වර්ෂ 2008 සැප්තැම්බර් 1 සිට ඔක්තෝබර් 27 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලැබේ.
කථික ගුණාංග
1. පුද්ගලයෙකුගේ සිතේ තිබෙන අදහස් ඉවතට ඇදගත හැක්කේ කෙසේද? [be 259 පි. 2, 3 ඡේ.]
2. කෙනෙකුට තම සිතින් වෛරය හා අන් අයව පහත්කොට සැලකීමේ ස්වභාවය මුලිනුපුටා දැමීමට ඔහුට උපකාර කිරීමට අපට හැක්කේ කෙසේද? [be 260 පි. 2 ඡේ.]
3. යෙහෝවා දෙවි සමඟ තිබෙන තමන්ගේ මිත්‍රත්වය ශක්තිමත්ව තබාගැනීම සඳහා තමන්වම සෝදිසි කර බැලීමට බයිබල් ශිෂ්‍යයන්ට උපකාර කිරීමට අපට හැක්කේ කෙසේද? [be 261 පි. 3 ඡේ.]
4. අපට සවන් දෙන අයට දේවවචනය ගැන උගන්වන විට අප මතක තබාගත යුත්තේ කුමක්ද? [be 262 පි. 4 ඡේ.]
5. සභා රැස්වීම්වලදී වේලාව ගැන අප සැලකිලිමත් විය යුත්තේ ඇයි? [be 263 පි. 1, 3 ඡේ. සහ කොටුව]
පැවරුම් අංක 1
6. පාවුල් කොරින්තිවරුන්ට සිය පළමු ලිපිය ලිවීමට හේතු වූයේ කුමක්ද? [bsi08-1-SN 20 පි. 3 ඡේ.]
7. පාවුල් කොරින්තිවරුන්ට සිය දෙවන ලිපිය ලිවීමට හේතු වූයේ කුමක්ද? [bsi08-1-SN 22 පි. 1-2 ඡේ.]
8. ක්‍රිස්තියානීන් දේවසේවය සැලකිය යුත්තේ කෙසේද? [bsi08-1-SN 23 පි. 18 ඡේ.]
9. ෆිලිප්පි සභාවේ අය මෙන් අපටත් දෙවිගේ අනුමැතිය ලබමින් සභාවේ සිටින අයට ප්‍රීතියක් ගෙන දෙන අය විය හැක්කේ කෙසේද? [bsi08-1-SN 29 පි. 12 ඡේ.]
10. පාවුල් හා ඔහුගේ සෙසු දේවසේවකයන් තෙසලෝනික සභාව කෙරෙහි ඇති කළ යහපත් බලපෑම කුමක්ද? [bsi08-2-SN 4 පි. 13 ඡේ.]
සතියේ බයිබල් කියවීම
11. ‘[දුෂ්ට] මිනිසෙකුව සාතන්ට භාර දීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එසේ කිරීමෙන් සිදු වන්නේ කුමක්ද? (1 කොරි. 5:5) [w08 7/15 “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—කොරින්ති පොත්වලින් විශේෂාංග”]
12. යේසුස්ගේ මරණය සිහි කිරීම කළ යුත්තේ කොපමණ ‘වතාවකටද’ සහ කවදා වන ‘තුරුද?’ (1 කොරි. 11:26) [w08 7/15 “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—කොරින්ති පොත්වලින් විශේෂාංග”]
13. දෙවන කොරින්ති 12:2-4 දක්වා සඳහන් දර්ශනය කුමක්ද? එය දුටුවේ කවුරුන් විය හැකිද? [w04 10/15 8 පි. 4 ඡේ.; 10 පි. 9 ඡේ.]
14. මෝසෙස්ට දෙන ලද නීතිය අපව ‘ක්‍රිස්තුස් ළඟට ගෙන යන උපදේශකයෙකුට’ පාවුල් සමාන කළේ ඇයි? (ගලා. 3:24) [w08 3/1 18-21 පි.]
15. ‘සහෝදරයන්ගේ ආකල්පයද පැවැත්මද සහෝදර සමාගමද’ ආරක්ෂා වන්න කියා පාවුල් යාච්ඤා කළ විට ඔහු කතා කරමින් සිටියේ කුමක් ගැනද? (1 තෙස. 5:23) [w08 9/15 “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි—තෙසලෝනික හා තිමෝති පොත්වලින් විශේෂාංග”]