සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ඔක්. 1
“පවුලක් තුළ පියෙකුට පැවරී තිබෙන කාර්යය ඉතා වැදගත් බව විද්වතුන් පවා පෙන්වා දෙනවා. හොඳ පියෙක් කියන්නේ මොන වගේ පියෙකුට කියලද ඔබ හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] යේසුස්ට ඔහුගේ පියාගේ ආදර්ශය කොතරම් උපකාරවත් වුණාද කියා ඔහුම පෙන්වා දුන්නා. [යොහන් 5:19 කියවන්න.] පියෙකුගේ කාර්යයට අයත් වන වැදගත් කරුණු හයක් මේ ලිපියේ සඳහන් වෙනවා.” දහඅටවෙනි පිටුවේ ඇති ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! ඔක්.
“දෙවි මොන වගේ කෙනෙක්ද? විවිධ ආගම්වල ඒ ප්‍රශ්නයට දෙන පිළිතුර එකිනෙකට වෙනස්. ඒ වුණත් දෙවිගේ පුත්‍රයා දෙවිව විස්තර කළේ කොහොමද කියලා බලන්න. [යොහන් 4:24 කියවන්න.] “දෙවි කෙබඳු ආකාරයේ කෙනෙක්ද” කියන ප්‍රශ්නයට බයිබලයේ දෙන පිළිතුර පිටු දෙකකින් යුත් මේ ලිපියේ පෙන්වා දෙනවා.” සඟරාවේ 24 හා 25 පිටු පෙන්වන්න.
මුරටැඹ නොවැ.1
“ප්‍රේමණීය දෙවි කෙනෙක් සදහටම වධ විඳින්න සලස්වන අපායක් ඇති කරයිද කියන ප්රශ්නය බොහෝදෙනෙකුට තිබෙනවා. ඒ ගැන ඔබ හිතන්නේ කුමක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ පැහැදිලිව උගන්වන්නේ දෙවි කුරිරු කෙනෙක් නොවෙයි කියායි. [එසකියෙල් 18:23 කියවන්න.] ඒ ගැන බයිබලයේ පවසා තිබෙන දෙය දැනගන්න ඔබ කැමති වෙයි කියලා මම හිතනවා.”
පිබිදෙව්! නොවැ.
“හුඟදෙනෙක් සාර්ථකත්වය මනින්නේ කෙනෙක් ලබාගෙන තිබෙන කීර්තිය, ධන සම්පත් හා බලය අනුවයි. ඔබ කෙනෙකුගේ සාර්ථකත්වය මනින්නේ කොහොමද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ සඳහන් ආකාරයට සාර්ථකත්වයට මඟ පාදන්නේ කුමක්ද කියලා බලන්න. [ගීතාවලිය 1:1-3 කියවන්න.] සාර්ථකත්වයට මඟ පාදන මූලික කරුණු හයක් මේ ලිපියේ සාකච්ඡා කරනවා.” හයවෙනි පිටුවේ ඇති ලිපිය පෙන්වන්න.