දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය පහත සඳහන් ප්‍රශ්න 2007
අගෝස්තු 27න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී සලකා බලනු ලැබේ. වර්ෂ 2007 ජූලි 2 සිට අගෝස්තු 27 දක්වා වූ සතිවලදී ආවරණය කළ පැවරුම්වල තොරතුරු පදනම් කරගෙන විනාඩි 30කට දිවෙන පුනරීක්ෂණයක් පාසැල් අවේක්ෂක විසින් මෙහෙයවනු ලැබේ.
කථික ගුණාංග
1. දේවසේවයේදීත් සභාවේදීත් අන් අයට ගෞරවය පෙන්වන්න පුළුවන් කොහොමද? [be 192 පි. 2-4 ඡේ.]
2. අපි ඉදිරිපත් කරන දේ ගැන අපිටම විශ්වාසයක් ඇති කරගන්නේ කොහොමද? [be 196 පි. 1-3 ඡේ.]
3. අන් අයට සාක්ෂි දැරීමේදී ප්‍රයෝජනවත් විය හැකි උපායශීලී ක්‍රම මොනවාද? [be 198 පි. 1-5 ඡේ.]
4. සාක්ෂි දරද්දී පැවසිය යුතු දේ උපායශීලී ලෙස තීරණය කරන්නේ කොහොමද? (හිතෝ. 25:11) [be 199 පි. 1-3 ඡේ.]
5. කතාවක් ඒකාන්ත ස්වරයකින් තබාගන්නේ කොහොමද? [be 203 පි. 3 ඡේ. -204 පි. 1 ඡේ.]
පැවරුම් අංක. 1
6. එසකියෙල් පොත පිළිගත් ග්රන්ථ සමූහයට අයත් වීම ගැන හා එහි විශ්වාසවන්තභාවය ගැන කුමක් කිව හැකිද? [bsi-07-SN 6 පි. 26 ඡේ.]
7. අයුක්තිය ඉවසා සිටීමට කෙනෙකුට අවශ්‍ය වන එක් ගුණාංගයක් වන්නේ කුමක්ද? [w05 6/1, 29 පි. 4 ඡේ.]
8. නැවත-නැඟිටීම පිළිබඳව සද්දුසිවරුන් යේසුස්ගෙන් ඇසූ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන් ආකාරයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (ලූක් 20:37, 38) [be 66 පි. 4 ඡේ.]
9. බයිබල් ශිෂ්‍යයෙකු හෝ සෙසු ඇදහිලිවන්තයෙකු උද්ගත වී ඇති තත්වයක් සම්බන්ධයෙන් කුමක් කළ යුතුදැයි ඔබෙන් විමසන විට, පිළිතුරු දිය යුත්තේ කෙසේද? [be 69 පි. 4-5 ඡේ.]
10. “ඔබේ මනස ක්‍රියාත්මක කරන බලයෙන් අලුත් වී” සිටීමට ඇතුළත් වන්නේ කුමක්ද? (එෆී. 4:23) [be 74 පි. 4 ඡේ.]
සතියේ බයිබල් කියවීම
11. එසකියෙල් 9:2-4හි වාර්තා කර තිබෙන හණ වස්ත්‍රයක් පැළඳ සිටින පුරුෂයාගෙන් නියෝජනය වන්නේ කාවද? ‘නළල්වල ලකුණෙන්’ අඟවන්නේ කුමක්ද? [wE88 9/15, 14 පි. 18 ඡේ.]
12. ක්‍රිස්තියානි පල්ලිවල සිටින පූජකයන්, එසකියෙල් 13:3 පවසන “කිසිවක් නොදැක තමන්ගේම ආත්මය අනුව [ගිය] අඥාන අනාගතවක්තෲන්” මෙන් වන්නේ කෙසේද? [w99 10/1, 13 පි.]
13. ඊශ්‍රායෙල්වරුන් එසකියෙල් 18:2හි ඇති “උපදේශ” කියමන යොදාගනිමින් උත්සාහ කළේ කුමක් කරන්නද? එහි ගණන් දීම පිළිබඳව තිබෙන වැදගත් පාඩම කුමක්ද? [wE88 9/15, 18 පි. 10 ඡේ.]
14. යෙරුසලමෙහි වටලෑම හා විනාශය සිදු වූ කාලය අතරතුරේදී එසකියෙල් “ගොළුව” සිටියා යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? (එස. 24:27; 33:22) [w03 12/1, 29 පි.]
15. “මාගොග් දේශයේ ගොග්” කියන්නේ කාටද? ඔහු යෙහෝවා දෙවිගේ සෙනඟ විනාශ කිරීමට එන්නේ කවදාද? (එස. 38:2, 16) [w97 3/1, 14 පි. 1 ඡේ. –15 පි. 3 ඡේ.]