නිවේදන
◼ අගෝස්තු: පිටු 32කින් යුත් පහත සඳහන් විවරණිකා බෙදා දිය හැකියි: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, සෝදිසියෙන් සිටින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට, සියලුම ජනයා සඳහා පොතක්, සතුටින් පිරි ජීවිතයකට මඟ. සැප්තැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත. මුල් අවස්ථාවේදීම බයිබල් පාඩමක් පටන්ගැනීමට උත්සාහ කරන්න. නිවැසියන් ළඟ මෙම ප්‍රකාශනය තිබේ නම් ඉන් ලැබෙන ප්‍රයෝජනය ගැන තේරුම්ගැනීම සඳහා බයිබල් පාඩමක් කරන ආකාරය කෙටි වේලාවකින් පෙන්වන්න. ඔක්තෝබර්: ඉඳ හිට සේවයේ යෙදෙන බලප්‍රදේශවල තිබෙන සභාවන්ට සහයෝගයක් වශයෙන් ඔවුන් සමඟ සේවයේ හවුල් වන විට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? යන විවරණිකාව සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ උත්තර දෙති යන පත්‍රිකාව යොදාගත හැකියි. ඒ සමඟම මුරටැඹ හා පිබිදෙව්! සඟරාත් ඉදිරිපත් කළ හැකියි. උනන්දුවක් දක්වන්නේ නම්, බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? යන පත්‍රිකාව දී, බයිබල් පාඩමක් ඇරඹීමේ අදහස ඇතුව සංවාදයක යෙදෙන්න. නොවැම්බර්: ඉදිරිපත් කරන්නේ උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොතයි. තමන්ට දරුවන් නැහැ කියා පවසන අයට සෝදිසියෙන් සිටින්න! නම් වූ විවරණිකාව දෙන්න. දෙසැම්බර්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා හෝ යෙහෝවාට ළං වන්න හෝ පවුලේ සන්තෝෂයට රහස යන පොත්වලින් එකක් ඉදිරිපත් කළ හැකියි.
◼ සැප්තැම්බර් මාසයේ සම්පූර්ණ සතිඅන්ත පහක් තිබෙන නිසා උපකාරික පුරෝගාමි සේවයේ යෙදෙන්න එය කදිම මාසයක් වේවි.
◼ ඉඳ හිට සේවයේ යන බලප්‍රදේශ ආවරණය කිරීමේ විශේෂ ක්‍රියාකාරකම යෙදී තිබෙන්නේ ඔක්තෝබර් මාසයටයි. ඊට සහභාගි වීමට බලාපොරොත්තු වන සියල්ලන් හොඳින් සූදානම් විය යුතුයි. මෙවැනි ප්‍රදේශවලදී යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? යන විවරණිකාව සහ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ උත්තර දෙති යන පත්‍රිකාව විශේෂයෙන්ම ඉදිරිපත් කරන්න අවශ්‍යයි. මේ වැඩපිළිවෙළට සහයෝගය දීමට දැන්ම සැලසුම් යොදන්න. තම සභාවේ ප්‍රචාරකයන් වෙනත් සභාවක් සමඟ සේවය කරන්න සැලසුම් කළ හැකියි. නැත්නම් වෙනත් සභාවක් තම සභාව සමඟ සේවය හවුල් විය හැකියි. මේ සෑම අවස්ථාවකදීම සේවා අවේක්ෂක විසින් අවශ්‍ය සැලසුම් සකස් කරයි.
◼ සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ හෝ සභා සාමාජිකත්වයෙන් ඉවත් වූ අය යළි සාමාජිකත්වය ලබාගැනීමට සුදුසුකම් පෙන්වයි නම් ගත යුතු ක්‍රියාමාර්ගය සඳහා 1991 ජූලි 1, මුරටැඹ සඟරාවේ 21-23 දක්වා පිටුවල උපදෙස් සලකා බලන ලෙස වැඩිමහල්ලන්ට සිහිගන්වන්න කැමතියි.