සෝදිසියෙන් සිටින්න! විවරණිකාව අධ්‍යයනය කිරීම
ලොව පුරා සෑම සභාවක්ම 2005 මැයි 23 සිට ජූනි 20 දක්වා සතිවල පොත් පාඩම්වලදී අධ්‍යයනය කරනු ලබන්නේ සෝදිසියෙන් සිටින්න! නම් විවරණිකාවයි. මෙම රැස්වීමට සූදානම් වන විට මෙන්ම මෙහෙයවන විට මතු දැක්වෙන ප්‍රශ්න යොදාගන්න. පාඩම අතරතුරේ මුද්‍රිත තොරතුරු කියවා කාලය තිබෙන පරිදි උපුටා දක්වා නැති බයිබල් පද කියවන්න.
මැයි 23න් පටන්ගන්නා සතිය
◼ 3-4 පිටු: මෙහි සඳහන් තත්වයන් අතුරින් විශේෂයෙන්ම ඔබේ ජීවිතයට බලපා තිබෙන්නේ කුමන තත්වයන්ද? මෙම තත්වයන් එක රටකට පමණක් සීමා වූ ඒවා නොවන බව අඟවන්නේ කුමකින්ද?
◼ 5 පිටුව: දෙවි ඇත්තෙන්ම සැලකිල්ලක් දක්වන බව ඔබට ඒත්තුගන්වන්නේ කුමකින්ද? අපි දෙවි ගැනත් ඔහු කරමින් සිටින දේවල් ගැනත් කෙතරම් සැලකිල්ලක් දක්වනවාද කියා අඟවන්නේ කුමන දේවල් කිරීමෙන්ද?
◼ 6-8 පිටු: වත්මන් ලෝක තත්වයන්වලින් අර්ථවත් වන දේ ගැන මතෙව් 24:1-8, 14 පවසන්නේ කුමක්ද? දෙවෙනි තිමෝති 3:1-5හි පෙන්වන ආකාරයට අපි අද ජීවත් වන්නේ කුමන කාල පරිච්ඡේදයකද? මේවා කුමක අවසාන දවස්ද? බයිබලය ඇත්තෙන්ම දෙවිගේ වචනය බව ඔබට ඒත්තුගන්වන්නේ කුමකින්ද? අප දේශනා කරමින් සිටින්නේ කුමන රාජ්‍යය ගැනද?
◼ 9-10 පිටු: දිනපතා අප ගන්නා තීරණ සහ අපේ ජීවිතයේ අතිවැදගත් දේවල් ගැන අප හොඳින් සලකා බැලිය යුතු වන්නේ මන්ද? (රෝම 2:6; ගලා. 6:7) ඔබ 10වන පිටුවේ තිබෙන ප්‍රශ්න ගැන කල්පනා කර බලන විට, ඔබ කළ යුතු දේ සම්බන්ධයෙන් ඔබේ මතකයට නැඟෙන්නේ කුමන බයිබල් පදද?
මැයි 30න් පටන්ගන්නා සතිය
◼ 11 පිටුව: මෙම පිටුවේ සඳහන් ප්‍රශ්න අප එක් එක්කෙනා පෞද්ගලිකව සලකා බැලිය යුත්තේ මන්ද? (1 කොරි. 10:12; එෆී. 6:10-18) අපි මතෙව් 24:44හි යේසුස් දුන් අවවාදය බැරෑරුම් ලෙස සලකන බව මෙම ප්‍රශ්නවලට අප දෙන පිළිතුරුවලින් හෙළි වෙයිද?
◼ 12-14 පිටු: එළිදරව් 14:6, 7හි යොමු දක්වා ඇති “විනිශ්චයේ පැය” කුමක්ද? ‘දෙවිට භය ඇතුව ඔහුව මහිමයට පත් කිරීම’ යන්නෙන් කුමක් අදහස් කරයිද? මහා බැබිලෝනිය යනු කුමක්ද? එයට කුමක් සිදු වනු ඇද්ද? මහා බැබිලෝනිය සම්බන්ධයෙන් අප ගත යුතු පියවර මොනවාද? පුරෝකථනය කරන ලද විනිශ්චයේ පැයට ඇතුළත් වන්නේ කුමක්ද? පුරෝකථනය කරන ලද දෙවිගේ විනිශ්චයේ “දවසවත් පැයවත්” අප නොදැන සිටීම අප කෙරෙහි බලපාන්නේ කෙසේද? (මතෙ. 25:13)
◼ 15 පිටුව: පරමාධිපත්‍යය පිළිබඳ වාද විෂය කුමක්ද? අප එක් එක්කෙනා ඊට සම්බන්ධව සිටින්නේ කෙලෙසද?
◼ 16-19 පිටු: “අලුත් අහස” සහ “අලුත් පොළොව” යනු කුමක්ද? (2 පේතෘ. 3:13) මේවා ගැන පොරොන්දු වන්නේ කවුද? අලුත් අහස හා අලුත් පොළොව මගින් කරනු ලබන වෙනස්කම් මොනවාද? අපි එක එක්කෙනා එයින් ප්‍රයෝජන ගනු ඇද්ද?
ජූනි 6න් පටන්ගන්නා සතිය
◼ 20-1 පිටු: පළමු සියවසේ සිටි තම අනුගාමිකයන්ට යේසුස් පලා යෑම සම්බන්ධයෙන් දුන්නේ කුමන අවවාදයක්ද? (ලූක් 21:20, 21) පලා යා යුතුව තිබුණේ කවදාද? නොපමාව පලා යෑම හදිසි කාරණයක් වූයේ මන්ද? (මතෙ. 24:16-18, 21) බොහෝදෙනෙක් අනතුරු ඇඟවීම් ගැන තැකීමක් නොකරන්නේ මන්ද? චීනයේ හා පිලිපීනයේ දහස් ගණන් සංඛ්‍යාතයක් විශ්වසනීය අනතුරු ඇඟවීම්වලට අනුව ක්‍රියා කිරීමෙන් ප්‍රයෝජන ලැබුවේ කෙසේද? වත්මන් සමාජ ක්රමයේ අවසානය ගැන බයිබලයේ දී ඇති අනතුරු ඇඟවීමට විගස ප්‍රතිචාරය දැක්වීම එදාටත් වඩා අද හදිසි කාරණයක් වන්නේ මන්ද? මෙම හදිසිතාව ගැන සලකා බලද්දී අපට තිබෙන්නේ කුමන වගකීමද? (හිතෝ. 24:11, 12)
◼ 22-3 පිටු: වර්ෂ 1974දී ඕස්ට්‍රේලියාවේ සහ 1985දී කොලොම්බියාවේ සිටි බොහෝදෙනෙක් ව්‍යසනය පිළිබඳ අනතුරු ඇඟවීම් ගැන තැකීමක් නොකළේ මන්ද? ඇති වුණු ප්‍රතිඵලය කුමක්ද? ඔබට එවැනි අනතුරු ඇඟවීමක් දී තිබුණා නම් ඔබ කෙලෙස ප්‍රතික්‍රියා කරනු ඇද්ද? ඒ මන්ද? නෝවාගේ දවස්වලදී අප සිටියා නම් ඒ අනතුරු ඇඟවීමට අපි සවන් දුන් බව අඟවන්නේ කුමකින්ද? පුරාණ සොදොම අසල ජීවත් වීමට මිනිසුන්ට වුවමනා වූයේ මන්ද? සොදොමේ සිදු වූ දේ ගැන බැරෑරුම් ලෙස සිතා බැලීමෙන් අපට කුමන ප්‍රයෝජනයක් ලැබෙයිද?
ජූනි 13න් පටන්ගන්නා සතිය
◼ 24-7 පිටු: විසිහත්වන පිටුවේ තිබෙන “අධ්‍යයනය සඳහා ප්‍රශ්න” යොදාගන්න.
ජූනි 20න් පටන්ගන්නා සතිය
◼ 28-31 පිටු: තිස්එක්වන පිටුවේ තිබෙන “අධ්‍යයනය සඳහා ප්‍රශ්න” යොදාගන්න.
මෙම විවරණිකාව සලකා බැලීම “සෝදිසියෙන් සිටින්නත්” සූදානමින් සිටින බව ඔප්පු කරන්නත් අපට උපකාරයක් වෙනවා. “දෙවිට භය ඇතිව සිටින්න. ඔහුව මහිමයට පත් කරන්න. මන්ද, ඔහුගේ විනිශ්චයේ පැය පැමිණ තිබේ” කියා දේවදූතයා විසින් කළ ප්‍රකාශයේ හදිසිතාව අපේ ප්‍රසිද්ධ දේවසේවයෙන් අපි සැමවිටම පිළිබිඹු කරමින් සිටිමු.—මතෙ. 24:42, 44; එළි. 14:7.