නිවේදන
◼ අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! යන සඟරා දෙකේම පිටපත බැගින් ඉදිරිපත් කරන්න. සිහි කිරීමට පැමිණි අය හෝ වෙනත් දිව්‍යාණ්ඩු කටයුත්තකට සහභාගි වූ නමුත් සභා රැස්වීම්වලට දිගටම නොපැමිණි අය ඇතුළු ඕනෑම කෙනෙකුව නැවත බලන්න යන විට දෙවිට නමස්කාර කරන්න යන පොත තැබීමට උනන්දු වන්න. දැනටමත් දැනුම පොත හා ඕනෑ කරන්නේ විවරණිකාව පාඩම් කර තිබෙන අය සමඟ නිවාස බයිබල් පාඩමක් ඇරඹීමට වෑයම් කරන්න. ජූනි: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත ඉදිරිපත් කරන්න. තමන්ට දරුවෝ නැහැයි කියලා කවුරුහරි කියනවා නම් පවුලේ සන්තෝෂය හෝ දැනුම පොත ඉදිරිපත් කරන්න. බයිබල් පාඩම් ඇරඹීමට වෑයම් කරන්න. ජූලි: පිටු 32න් යුත් ඕනෑම විවරණිකාවක් බෙදා දිය හැකියි. පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද—ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට, සියලු ජාතීන් සඳහා පොතක්, මළ අයගේ ආත්ම—ඔබට උපකාර හෝ හානි කිරීමට ඔවුන්ට හැකිද? ඔවුන් සැබවින්ම පවතීද? සහ සතුටින් පිරි ජීවිතයකට මඟ.
◼ සියලුම මුලසුන භාර අවේක්ෂකයන්ගේ හා ලේකම්වරුන්ගේ නම්, ලිපින සහ දූරකථන අංක සහිත අලුත්ම වාර්තාවක් ශාඛා කාර්යාලයේ තබාගැනීම අවශ්‍යය. යම් අවස්ථාවක මේවායේ වෙනසක් වේ නම්, සභා සේවා කමිටුව මේවා සම්පූර්ණ කර, අත්සන් කර Presiding Overseer/Secretary Change of Address (S-29) පෝරමයක් තුළින් වහාම ශාඛා කාර්යාලයට එවිය යුතුයි. දූරකථන ප්‍රාදේශීය අංකවල වෙනස් වීම්ද මීට ඇතුළත් විය යුතුයි.
◼ සභා ලේකම්වරුන් ස්ථාවර පුරෝගාමී සේවය සඳහා අයදුම්පත් (S-205) සහ උපකාරික පුරෝගාමී සේවය සඳහා අයදුම්පත් (S-205b) ප්‍රමාණවත් සැපයුමක් තබාගත යුතුයි. මේවා පොත් පත් ඉල්ලුම් පෝරම (S-14) මාර්ගයෙන් ඉල්ලුම් කළ හැකියි. අඩු තරමින් වසරකටවත් ප්‍රමාණවත් වන සැපයුමක් තබාගන්න.