දෙවිට නමස්කාර කරන්න නමැති පොත පාඩම් කිරීම
එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න යන පොත සැලසුම් කර ඇත්තේ නවකයන් සමඟ දැනුම පොත සම්පූර්ණයෙන්ම පාඩම් කළායින් පසුව පාඩම් කිරීමටය. පොත් පාඩමේදී අප මෙම පොත සලකා බැලීම මගින් අපට දේවසේවය සඳහා සන්නද්ධ වීමටත් යෙහෝවා සහ ඔහුගේ සංවිධානය කෙරෙහි ඇති අපගේ අගය වැඩි කරගැනීමටත් හැකි වේවි. දෙවිට නමස්කාර කරන්න යන පොත පාඩම් කිරීමෙන් අපට සම්පූර්ණ ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද?
පාඩම මෙහෙයවීම: සෑම සතියකම අප සම්පූර්ණ පරිච්ඡේදයක් සලකා බලන බැවින්, පොත් පාඩම් අවේක්ෂකයන් නියමිත කාලය ඥානවන්ත ලෙස බෙදා වෙන් කරගත යුතුයි. පාඩමේ ආරම්භක ඡේදවලදී පාඩම දීර්ඝ ලෙස සාකච්ඡා නොකර කාලය ඉතිරි කරගත යුතු අතර, ඒ මගින් සාමාන්‍යයෙන් පාඩමේ අවසාන කොටසේ තිබෙන ඡේදවල අඩංගු ගැඹුරු වැදගත් කාරණා සාකච්ඡා කිරීම සඳහා කාලය ඉතිරි කරගත හැකියි. සෑම පාඩමක් අවසානයේදීම දක්නට ලැබෙන පුනරීක්ෂණ කොටුව කෙටියෙන් සාකච්ඡා කිරීමෙන් පාඩමට පැමිණ සිටින සෑම කෙනෙකුටම මූලික කරුණු මතකයේ තබාගැනීමට හැකි වේවි.
පිටුවේ මඳක් මැදකින් ආරම්භ වන ප්‍රශ්න මෙනෙහි කිරීමට හා සාකච්ඡා කිරීමට සපයා ඇති අතර, ඒවා දෙවිට නමස්කාර කරන්න පොතේ ඇතුළත් පරිච්ඡේදවලින් භාගයකම දක්නට ලැබේ. මේ පිළිබඳ උදාහරණයක් 48-9 දක්වා පිටුවල දැකගත හැක. එම ප්‍රශ්න ඡේදය කියවන විට කියවීමට අවශ්‍ය නැත. කණ්ඩායම සමඟ ඒවා සලකා බලන විට, අවේක්ෂකයා ඒවායේ සඳහන් කර ඇති ශුද්ධ ලියවිලි පද කියවන්නට සලස්වා කාලය ඇති පරිදි ඒවා ගැන සාකච්ඡා කළ යුතුයි.
කලින් සූදානම් වීම: පාඩමට හොඳින් සූදානම් වීමේදී පිළිතුරුවලට යටින් ඉරි ගැසීමට වඩා වැඩි යමක් අවශ්‍ය කරයි. සඳහන් කර ඇති ශුද්ධ ලියවිලි ගැන යාච්ඤාපූර්වකව මෙනෙහි කර බලද්දී අප දක්වනු ඇති අදහස් පමණක් නොව වඩා වැදගත් ලෙස අපගේ සිත්ද සූදානම් කරගත හැකි වෙයි. (එස්රා 7:10, NW) නිහතමානී ලෙස අපගේ අදහස් දැක්වීම මගින් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාව දිරිගැන්වීමට අප සියලුදෙනාටම දායක විය හැකියි.—රෝම 1:11, 12.
දෙවිට නමස්කාර කරන්න පොත පාඩම් කිරීම යෙහෝවා වෙතට ළංවීමට අපට උපකාරයක් වන අතර, ඔහුට නමස්කාර කිරීමෙහිලා අප හා එක්වීමට අවංක හදවත් ඇති අයට උපකාර කිරීමටද එමගින් අපට හැකි වේ. (ගීතා. 95:6; යාකො. 4:8) මෙම කදිම ආත්මික සැපයුමෙන් පූර්ණ ප්‍රයෝජන ගැනීමට අප සියලුදෙනාටම හැකි වේවා!