සභා පොත් පාඩම අපට අවශ්‍ය වීමට හේතුව
1. සභා පොත් පාඩම් විධිවිධානයේ මුල්ම ආරම්භය වූයේ කුමක්ද?
1 වර්ෂ 1895 අතරතුරු කාලයේදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හඳුන්වනු ලැබුවේ බයිබල් ශිෂ්‍යයන් ලෙසය. එමෙන්ම ඔවුන්ගෙන් සමන්විත අධ්‍යයන කණ්ඩායම් නම් කරනු ලැබුවේ බයිබල් අධ්‍යයනයේ උදා කවයන් ලෙසටයි. අධ්‍යයන සඳහා පදනම ලෙස මිලෙනියම් ඩෝන් [සහස්‍රයේ උදාව] නමැති ප්රකාශනයේ වෙළුම් යොදාගැනිණි. පසුව මෙම රැස්වීම් බයිබල් අධ්‍යයනයන් සඳහා බෙරීයවරුන්ගේ කවයන් ලෙසද නම් කෙරිණි. (ක්‍රියා 17:11) බොහෝවිට සිදු වුණේ කුඩා පිරිසකගෙන් සමන්විත කණ්ඩායම් තමන්ට පහසු සැන්දෑවක පෞද්ගලික නිවසක රැස්වීමය. සභා පොත් පාඩම් සඳහා අඩිතාලම් දැමුවේ මෙම රැස්වීම්ය.
2. පොත් පාඩමේදී “අන්‍යෝන්‍ය දිරිගැන්වීමක්” ලැබීමට දායක වීමට අපට හැක්කේ කෙසේද?
2 දිරිගැන්වීම සහ සහය: පොත් පාඩම් කණ්ඩායම්වල කුඩා පිරිසක් තබාගැනීමට වෑයම් කරන බැවින් එයට පැමිණෙන අයට තමන්ගේ ඇදහිල්ල ගැන අදහස් දැක්වීම සඳහා වැඩි ප්‍රස්තාවක් තිබේ. මෙහි ප්‍රතිඵලය නම්, “ඇදහිල්ල මාර්ගයෙන් . . . එකිනෙකා අතරේ අන්‍යෝන්‍ය දිරිගැන්වීමක්” ලැබීමය.—රෝම 1:12, NW.
3, 4. අපගේ දේවසේවය හොඳින් ඉටු කිරීමට පොත් පාඩම් විධිවිධානය අපට උපකාරවත් වන්නේ කෙසේද?
3 පොත් පාඩම් අවේක්ෂක උගන්වන ආකාරය ගැන හොඳින් නිරීක්ෂණය කිරීමෙන්ද අපට ‘සත්‍යයේ වචනය හරියාකාරව හැසිරවීමට’ උපකාරයක් ලැබෙයි. (2 තිමෝ. 2:15, NW) සාකච්ඡා කරන තොරතුරු සඳහා ඔහු ශුද්ධ ලියවිලිමය පදනම අවධාරණය කරන අන්දම ගැන සැලකිල්ලට ගන්න. සාකච්ඡා කෙරෙන ප්රකාශනයට අනුව ගැළපේ නම්, බයිබලය පමණක් යොදාගනිමින් අවසානයේදී කරන පුනරීක්ෂණයක් මාර්ගයෙන් ඔහු මූලික කරුණු හුවා දක්වනවා විය හැකියි. තවද ඔහුගේ හොඳ ආදර්ශය ක්‍රිස්තියානි දේවසේවය තුළ අපගේ ඉගැන්වීම් දියුණු කරගැනීමට පිටුවහලක් විය හැකියි.—1 කොරි. 11:1.
4 සතිපතා පාඩම පවත්වනවාට අමතරව, පොත් පාඩම් අවේක්ෂක එවැන්ජලිස්ත සේවය තුළ පෙරමුණ ගන්නවා ඇත. සේවා අවේක්ෂකගේ සහයෝගය ඇතුව, ඔහු ක්ෂේත්‍ර සේවය සඳහා ප්‍රායෝගික විධිවිධාන යොදයි. ශුභාරංචිය දේශනා කිරීමට හා ගෝලයන් සෑදීමට වූ තම ක්‍රිස්තියානි වගකීම ඉෂ්ට කිරීම සඳහා ඔහු කණ්ඩායමේ සිටින සියල්ලන්ට සහය වීමට මං සොයයි.—මතෙ. 28:19, 20; 1 කොරි. 9:16.
5. පොත් පාඩම් තුළින් කිනම් පෞද්ගලික සහය ලැබිය හැකිද?
5 පොත් පාඩම් අවේක්ෂක, කණ්ඩායමේ එක් එක් කෙනාගේ ආත්මික ශුභසිද්ධිය ගැන උනන්දු වෙයි. සභා රැස්වීම්වලදී මෙන්ම ක්ෂේත්‍ර සේවයේ අන්‍යයන් සමඟ වැඩ කරන විටද, ඔහු මෙම උනන්දුව විදහාපෙන්වයි. ආත්මික දීමනාවක් දීම පිණිස තම සහෝදරයන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ව බැහැදකින අවස්ථාවලදීද ඔහු මෙම උනන්දුව පෙන්වයි. සියලුදෙනාටම අවශ්‍යතාවක් ඇති වන ඕනෑම මොහොතක ආත්මික උපකාර ලබාගැනීම සඳහා පොත් පාඩම් අවේක්ෂක වෙත එළඹීමට පහසු බවක් දැනිය යුතුය.—යෙසා. 32:1, 2.
6. (අ) සමහරක් රටවල සිටින අපගේ සහෝදරයන් කුඩා කණ්ඩායම් ලෙස රැස්වීමෙන් ශක්තිමත් වී සිටින්නේ කෙසේද? (ආ) පොත් පාඩම් විධිවිධානයෙන් ඔබ පෞද්ගලිකව ප්‍රයෝජන ලබා ඇත්තේ කෙසේද?
6 එකිනෙකාව ශක්තිමත් කරන්න: දෙවිගේ ජනයාගේ වැඩකටයුතුවලට තහංචි දමා ඇති රටවල, සහෝදරයන් බොහෝවිට රැස් වෙන්නේ කුඩා කණ්ඩායම් වශයෙනි. එක් සහෝදරයෙක් මෙසේ සිහි කරයි. “අපගේ ක්‍රිස්තියානි වැඩකටයුතු තහනම් කර තිබුණත්, හැකි සෑම අවස්ථාවකදීම 10දෙනෙක් සහ 15දෙනෙක් අතර සංඛ්‍යාවකින් යුත් කණ්ඩායම් වශයෙන් අපි සතිපතා රැස්වීම් පැවැත්වුවා. පොත් පාඩම අතරතුරේදීද, පාඩමෙන් පසුව අපගේ ඇසුරේදීද අප ආත්මික ශක්තිය ලබනවා. අපි අපගේ අද්දැකීම් සසඳා බලනවා. මේක අපට උදව් වෙනවා අපි හැමෝම එකම පොරබැදීම කරනවා කියන කාරණය තේරුම්ගැනීමට.” (1 පේතෘ. 5:9) අපිත් ඒ හා සමානව, සභා පොත් පාඩම් විධිවිධානයට සම්පූර්ණ සහයෝගය දැක්වීමෙන් එකිනෙකාව ශක්තිමත් කරගනිමු.—එපී. 4:16.