බයිබල් පාඩම් පැවැත්වීමට දෙවිට නමස්කාර කරන්න නමැති පොත යොදාගන්න
එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න නමැති පොත මුද්‍රණය කර තිබෙන්නේ නවකයන්ට සත්‍යයෙහි වර්ධනය වීමට සහ යෙහෝවා කෙරෙහිත් ඔහුගේ සංවිධානය කෙරෙහිත් ඔවුන්ගේ අගය තව තවත් වැඩි කරගැනීමට උපකාර කිරීමේ අරමුණ ඇතුවයි. මෙම පොත බයිබල් ශිෂ්‍යයන් සමඟ පාඩම් කරන දෙවන පොතක් ලෙස යොදාගත හැකියි. මේ ගැන වසර 2000 ජූනි අපගේ රාජ්‍ය සේවාවෙහි 4වන පිටුවෙහි මෙසේ පැහැදිලි කර තිබිණ. “බයිබල් ශිෂ්‍යයා සෙමින් හෝ ප්‍රගතියක් ලබන බවත්, ඔහු ඉගෙනගනිමින් සිටින දේවල් අගය කරන බවත් පෙනෙනවා නම්, ඕනෑ කරන්නේ විවරණිකාව හා දැනුම පොත පාඩම් කර අවසන් වීමෙන් පසු, දෙවන පොතක් යොදාගනිමින් දිගටම පාඩම කරගෙන යන්න. . . . සෑම ශිෂ්‍යයෙක් සමඟම මුලින්ම පාඩම් කළ යුත්තේ ඕනෑ කරන්නේ විවරණිකාව හා දැනුම පොතයි. දෙවන පොත සම්පූර්ණ කරන්න කලින් ශිෂ්‍යයා බව්තීස්ම වුණත්, පාඩම දිගටම කරගෙන යමින් එම බයිබල් පාඩම, නැවත බැලීම් හා කාලය වාර්තා කළ යුතුයි.”
දෙවිට නමස්කාර කරන්න නමැති පොතෙන් කරන බයිබල් පාඩමකින් ප්‍රයෝජන ලබාගත හැකි වෙනත් අය කවුද? එම ලිපියෙහිම තවදුරටත් මෙසේද සඳහන් වේ. “කලින් දැනුම පොත [සහ ඕනෑ කරන්නේ විවරණිකාව] පාඩම් කළත්, කැපවීම හා බව්තීස්මය දක්වා ප්‍රගතියක් ලබා නැති සමහර අයව ඔබ දන්නවා නම්, ඔවුන් ළඟට ගොස් නැවතත් බයිබලය පාඩම් කරන්න කැමතිද කියා අසන්න පුළුවන්.” මෙවැනි අය සමඟ මාර්තු හා අප්‍රියෙල් මාසවලදී දෙවිට නමස්කාර කරන්න නමැති පොත යොදාගනිමින් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරමු.