යෞවනයෙනි, අනාගතය උදෙසා කදිම අත්තිවාරමක් ගොඩනඟන්න
1. ක්‍රිස්තියානි යෞවනයන් ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය වන්නේ මන්ද?
1 ඔබේ මනසේ ප්රමුඛව තිබෙන්නේ කුමක්ද? ඔබ සාමාන්‍යයෙන් හිතන්නේ කුමන දේවල් ගැනද? ඔබගේ මූලික සැලකිල්ල කේන්ද්‍රගත වී ඇත්තේ වත්මන් දේවල් වටාද? නැත්නම් ඒවා අනාගතය දක්වා විහිදී දෙවි පොරොන්දු වී ඇති දෙය කෙරෙහි නාභිගත වී තිබෙනවාද? (මතෙ. 6:24, 31-33; ලූක් 8:14) දෙවිගේ පොරොන්දුවලට අනුකූලව ක්‍රියා කරන්නට ශක්තිමත් ඇදහිල්ලක් අවශ්‍යයි. ඒ බව අපට ආබ්‍රහම්ගේ සහ මෝසෙස්ගේ ආදර්ශවලින් දැකගත හැක. (හෙබ්‍රෙ. 11:8-10, 24-26) එවන් ඇදහිල්ලක් ගොඩනඟා ගෙන ‘අනාගතය උදෙසා කදිම අත්තිවාරමක්’ දමාගැනීමට ඔබට හැක්කේ කෙසේද?—1 තිමෝ. 6:19, NW.
2. යොෂියා රජගේ ආදර්ශයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?
2 යෙහෝවාව සොයන්න: ඔබගේ පවුලේ අය සමඟ ආත්මික ක්‍රියාකාරකම්වල යෙදීමේ යම් චර්යා රටාවකට ඔබ හුරුව ඇත්නම්, එය ප්‍රශංසනීයයි. එහෙත්, එවන් චර්යා රටාවක් නිසා ඉබේම ශක්තිමත් ඇදහිල්ලක් බිහි වෙනවා කියා සිතන්න එපා. “දෙවි පිළිබඳ දැනුම” සොයාගැනීමට නම්, ඔබ යෙහෝවාව පෞද්ගලිකව සෙවිය යුතුයි. (හිතෝ. 2:3-5, NW; 1 ලේක. 28:9) යෞවන යොෂියා රජ කළේ එයයි. ආත්මික වර්ධනයක් ලැබීමට ඉතා අසීරු පරිසරයක හැදී වැඩුණද, වයස අවුරුදු 15දී, ‘ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ දෙවිව සොයන්ට පටන්ගත්තේය’.—2 ලේක. 34:3.
3. අද දින ක්‍රිස්තියානි යෞවනයන්ට යෙහෝවාව සෙවිය හැක්කේ කෙසේද?
3 යෙහෝවාව සෙවීමට ඔබට හැක්කේ කෙසේද? ඔබ විශ්වාස කරන දේවල් ගැන මැනවින් සෝදිසි කර බැලීමෙන් සහ ඒවා ඇත්තටම සත්‍යය බව ‘ඔබටම ඔප්පු කරගැනීමෙන්’ එසේ කළ හැකියි. (රෝම 12:2, NW) නිදසුනක් වශයෙන්, රුධිරය පිළිබඳව බයිබලය පවසන දේ ගැන පැහැදිලි කිරීමට ඔබට හැකිද? නැත්නම් 1914දී දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පාලනය ආරම්භ වූ බව ඔප්පු කළ හැකිද? “සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක්” ලබාගැනීම, අනාගතය උදෙසා කදිම අත්තිවාරමක් ගොඩනඟා ගැනීමේ වැදගත් කොටසක්ය.—1 තිමෝ. 2:3, 4, NW.
4. තම දියුණුව පෙනෙන්න සැලැස්වීමට බව්තීස්ම නොලත් ප්‍රචාරකයන්ට හැක්කේ කෙසේද?
4 යෝෂුවා දෙවිව සෙවීමෙන් යහපත් ප්‍රතිඵල නෙළාගත්තේය. වයස අවුරුදු 20 වීමට පෙර, බොරු නමස්කාරය දේශයෙන් අතු ගා දැමීමට ඔහු ක්‍රියා කළේ නිර්භයවය. (2 ලේක. 34:3-7) ඒ හා සමානව, ඔබේ ආත්මික ප්‍රගතිය පෙන්වනු ලබන්නේ ඔබේ ක්‍රියා මගිනි. (1 තිමෝ. 4:15) ඔබ බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු නම්, ඔබේ දේවසේවයේ ගුණාත්මක බව දියුණු කරගැනීමට වෙර දරන්න. පොත් පත් බෙදා දීමෙන් පමණක් සෑහීමට පත් වෙන්න එපා. බයිබලය පාවිච්චි කිරීමටත්, මිනිසුන්ට කාරණා තර්කානුකූලව පහදා දීමටත්, ඔබට හමු වන අය දක්වන උනන්දුව තවත් වැඩි දියුණු කිරීමටත් ඉලක්ක කරගන්න. (රෝම 12:7) ආත්මිකව වැඩීමට මෙය ඔබට මහෝපකාරී වේවි.
5. බව්තීස්ම ලත් ක්‍රිස්තියානීන්ට තමන්ගේ දේවසේවය පුළුල් කරගැනීමට ඇති ප්‍රස්තාවන් මොනවාද?
5 යෙහෝවාට ඔබේ උපරිමය දෙන්න: ඔබ යෙහෝවාට වූ ඔබේ කැපවීම බව්තීස්මය මගින් සංකේතවත් කරන විට, ඔබ දෙවිගේ කැප වූ දේවසේවකයෙකු බවට පත් වේ. (2 කොරි. 3:5, 6) මේ මගින් යෙහෝවාට පූර්ණ කාලීනව සේවය කිරීමට ප්‍රස්තා විවෘත කරයි. බෙතෙල් සේවය, මිෂනාරි සේවය සහ ජාත්‍යන්තර සේවය මීට ඇතුළත් වෙයි. තවද ඔබේ දේවසේවය පුළුල් කිරීමට තිබෙන තවත් ක්‍රම නම්, වෙනත් භාෂාවක් ඉගෙනගැනීම හෝ අවශ්‍යතාව වැඩියෙන් තිබෙන තැනක සේවය කිරීමට යෑමයි.
6. අප සියල්ලන්ටම අනාගතය සඳහා කදිම අත්තිවාරමක් දැමීමට හැක්කේ කෙසේද?
6 ඇත්තවශයෙන්ම, සියල්ලන්ටම මේ සේවා වරප්‍රසාද භුක්ති විඳිය නොහැකියි. නමුත් අප සෑම කෙනෙකුටම අපේ උපරිමයෙන් යෙහෝවාට හොඳම දේ දීමට හැකියි. (මතෙ. 22:37) ඔබගේ තත්වය කුමක් වුවද, යෙහෝවාට සේවය කිරීම ඔබේ ජීවිතයේ ප්‍රධානතම දෙය කරගන්න. (ගීතා. 16:5) එසේ කිරීමෙන්, ඔබ අනාගතය සඳහා කදිම අත්තිවාරමක් දමමින් සිටිනවා ඇත.