ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/02 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2002 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • ජනවාරි 14න් පටන්ගන්නා සතිය
  • ජනවාරි 21න් පටන්ගන්නා සතිය
  • ජනවාරි 28න් පටන්ගන්නා සතිය
  • පෙබරවාරි 4න් පටන්ගන්නා සතිය
2002 අපගේ රාජ්‍ය සේවාව
km 1/02 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

ජනවාරි 14න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 3

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.

විනා. 25: කාරුණික සැපයුම්වලින් ප්‍රයෝජන ගැනීම. ශාඛා කාර්යාලයෙන් ලැබුණු 2001 දෙසැම්බර් 1 දිනැති ලිපියෙහි දැක්වෙන දළ සටහනෙහි සඳහන් තොරතුරු පදනම් කරගනිමින් සුදුසුකම් ලත් වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්. බෙදා දීම සඳහා මතු දැක්වෙන අයිතමයන් අවශ්‍ය තරම් සභාව සතුව තිබිය යුතුයි. පූර්ව වෛද්‍ය නියෝගය/මුදවාහැරීම නමැති කාඩ්පත, හැඳුනුම්පත, සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ස්ථාවර ඇටෝනි බලය (DPA) ඇතුළත් පෝර්මය හා පූර්ව නියෝග උපදේශය. මේ රැස්වීමෙන් පසුව බව්තීස්ම ලත් ප්‍රචාරකයන්ට එම ලියවිලිවල පිටපත් ලබා දිය යුතුයි. එහෙත් මෙම ලියවිලි පිරවීම අදම නොකළ යුතුයි. අදාළ ප්‍රචාරකයා හා සාක්ෂිකරුවන් මෙම කාඩ්පත්වල අත්සන් කිරීම හා දිනය දැමීම කළ යුත්තේ ඊළඟ සතියේ පවත්වන පොත් පාඩමෙන් පසුවයි. මෙම කාඩ්පත් පිරවීමට උපකාරය අවශ්‍ය නම් පොත් පාඩම් මෙහෙයවන්නා එය ලබා දීමට සූදානමින් සිටියි. සාක්ෂිකරුවන් ලෙස අත්සන් කරන අය, තමන්ගේ අත්සන තැබිය යුත්තේ, එම ලියවිල්ලේ නම සඳහන් තැනැත්තා තමන් ඉදිරිපිට එය අත්සන් කරන අවස්ථාවේදීමයි. ස්ථාවර ඇටෝනි බලය (DPA) නමැති පෝර්මය පිරවීමට කලින් පූර්ව නියෝග උපදේශය නමැති ලියවිල්ලෙහි තිබෙන දෑ පරෙස්සමින් සලකා බැලිය යුතුයි. බව්තීස්ම නොලත් ප්‍රචාරකයන්ට තමන්ගේ තත්වයන්ට හා විශ්වාසයන්ට එකඟව, මේ ලියවිලිවල දැක්වෙන තොරතුරුවලට අනුව තමන් හා තම දරුවන් සඳහා ලියවිල්ලක් සකස් කරගත හැකියි.

විනා. 10: “සඟරා හඳුන්වා දිය හැකි අයුරු.” ජනවාරි 1 මුරටැඹ සහ ජනවාරි 8 පිබිදෙව්! සඟරා සඳහා තිබෙන මුල් යෝජිත ඉදිරිපත් කිරීම කරන ආකාරය නිරූපණය කරන්න. සඟරා දිනයේදී සේවයේ හවුල් වීමට සියලුම ප්‍රචාරකයන්ව දිරිමත් කරන්න.

ගීතිකා අංක 55 සහ අවසාන යාච්ඤාව.

ජනවාරි 21න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 104

විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව. ‘යමක් වෙන් කර තබන්න’ නමැති කොටුවද සාකච්ඡා කරන්න.

විනා. 13: ඔබ දිනපතාම ශුද්ධ ලියවිලි පරීක්ෂා කර බලනවාද? පවුලක් හැටියට කරන සාකච්ඡාවක්. දිනපදය සාකච්ඡා කිරීමෙන් වැඩිමනත් ප්‍රයෝජන අත් කරගැනීම සඳහා ඔවුන් 1996 දෙසැම්බර් 15 මුරටැඹ සඟරාවේ 18වන පිටුවේ තිබෙන 13-14 දක්වා ඡේද සලකා බලයි. ළඟදී සලකා බැලූ දින පද දෙකතුනක් කෙටියෙන් නැවත විග්‍රහ කර බලා එහි තොරතුරු විශේෂයෙන් ප්‍රයෝජනවත් වී තිබෙන ආකාරය පැහැදිලි කරන්න. පවුලේ සාමාජිකයන්ව ආත්මිකව ක්‍රියාශීලීව තැබීමේ අරමුණින් පිළියෙළ කර තිබෙන මෙම විධිවිධානය, නිතිපතා පවත්වනු ලබන පවුලේ බයිබල් පාඩමේ කොටසක් විය යුතු බව අවධාරණය කරන්න.

විනා. 22: “දිගටම රාජ්‍යයට මුල් තැන දෙන්න.”a 1998 සැප්තැම්බර් 1 මුරටැඹ සඟරාවේ 19-21 දක්වා පිටුවලින් ගත් මූලික කරුණු පදනම් කරගනිමින් ප්‍රශ්න කිහිපයක් සබයෙන් අසන්න.

ගීතිකා අංක 168 සහ අවසාන යාච්ඤාව.

ජනවාරි 28න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 196

විනා. 10: සභා නිවේදන. ජනවාරි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ඉදිරිපත් කිරීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. අටවන පිටුවේ තිබෙන යෝජනා යොදාගනිමින් කෙටි ඉදිරිපත් කිරීම් දෙකක් නිරූපණය කරන්න. එකක් සඳහා ජනවාරි 8 පිබිදෙව්! සඟරාවට අදාළ දෙවන යෝජනාව හා අනෙක සඳහා ජනවාරි 15 මුරටැඹ සඟරාව යොදාගන්න. පෙබරවාරි මාසයේ ඉදිරිපත් කරන පොත් පත් සඳහන් කර, සභා පොත් පත් තොගයේ තිබෙන පොත්වල සඳහන් කැපීපෙනෙන්න සැලැස්විය හැකි කරුණු ගෙනහැර දක්වන්න.

විනා. 20: “දෙමාපියෙනි බිළිඳු වයසේ පටන් ඔබේ දරුවන්ව පුහුණු කරන්න.”b 1998 අප්‍රියෙල් 15 මුරටැඹ සඟරාවේ 32වන පිටුවේ තොරතුරු පදනම් කරගනිමින් අදහස් දක්වන්න. බිළිඳු වයසේ පටන් තම දරුවන්ට ආත්මික පුහුණුව දීමට පටන්ගැනීමෙන් හොඳ ප්‍රතිඵල අද්දැක තිබෙන ආකාරය ගැන පැවසීමට දෙමාපියන්ට ආරාධනා කරන්න.

විනා. 15: සභා අවශ්‍යතා. “ඔබ නැවත බැලීම් කරනවාද?” නමැති ලිපියද සාකච්ඡා කරන්න. නැවත බැලීම් කිරීමෙන් තමන් ලබා තිබෙන අද්දැකීම් ගැන පැවසීමට ප්‍රචාරකයන්ට ආරාධනා කරන්න.

ගීතිකා අංක 202 සහ අවසාන යාච්ඤාව.

පෙබරවාරි 4න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 212

විනා. 8: සභා නිවේදන.

විනා. 17: “ඔවුන් අසන්නේ කොහොමද?”c මෙම කොටසේ සඳහන් ශුද්ධ ලියවිලි පාඨ අදාළ වන ආකාරය ගැන සබයේ අදහස් ලබාගන්න. 1998 අගෝස්තු 15 මුරටැඹ සඟරාවේ 20වන පිටුවේ සඳහන් 17-18 දක්වා ඡේදවලට අදාළ ප්‍රශ්න මෙයට ඇතුළත් කරන්න.

විනා. 20: “ක්ෂේත්‍ර සේවය සඳහා යෝජිත ඉදිරිපත් කිරීම්.” සේවා අවේක්ෂක සබය සමඟ කරන සාකච්ඡාවක්. මෙම අතිරේකයේ ඇතුළත් වන්නේ අපගේ රාජ්‍ය සේවාවේ පසුගිය කලාපවල පළ වූ යෝජිත ඉදිරිපත් කිරීම්ය. අලුත් ඒවා කිහිපයක්ද ඇතුළත් කර ඇත. තමන්ගේ බලප්‍රදේශය සඳහා ඵලදායී වන ඉදිරියේදී පළ වන වෙනත් යෝජනා ලියාගැනීම සඳහා මෙහි හිස් පේළි යොදාගත හැකියි. තමන් විශේෂයෙන්ම කැමති මොන ඉදිරිපත් කිරීමටද කියා සබයෙන් අසන්න. ඒ ඇයි කියාද අසන්න. පෙබරවාරි මාසයේ පොත් පත් ඉදිරිපත් කිරීමේදී යොදාගත හැකි යෝජනාවක් හෝ දෙකක් නිරූපණය කරන්න. මේ අතිරේක ලිපිය නැති කර නොගෙන, දේවසේවය සඳහා සූදානම් වන විට බැලීම සඳහා ළඟ තබාගැනීමට සියලුම ප්‍රචාරකයන්ව දිරිගන්වන්න.

ගීතිකා අංක 224 සහ අවසාන යාච්ඤාව.

[Footnotes]

a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න