“ඔවුන් අසන්නේ කොහොමද?”
1 යේසුස් අවධාරණයෙන් යුතුව මෙසේ පැවසුවා. “ශුභාරංචිය පළමුකොට සියලු ජාතීන්ට ප්‍රකාශ කරනු ලබන්ට ඕනෑය.” (මාක් 13:10) සේවය සඳහා අප මහත් වෑයමක් දැරුවත් පෞද්ගලිකව ශුභාරංචියට සවන් දීමේ ප්‍රස්තාව නොලැබී තිබෙන දශලක්ෂ සිය ගණනක් තවමත් සිටිනවා. සමහර රටවල ආණ්ඩු අපේ සේවයට සීමා පනවා තිබෙනවා. බොහෝ රටවල විශාල ජනගහනයක් සිටින අතර එය වේගයෙන් වර්ධනය වෙනවා. එනිසා “ඔවුන් අසන්නේ කොහොමද?”—රෝම 10:14.
2 යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න: සියලුම මිනිසුන්ගේ හදවත්වල තත්වය යෙහෝවා දන්න බව අප මතක තබාගත යුතුයි. පුද්ගලයෙකුගේ තත්වය කුමක් වුවත් ඔහු අවංකවම දෙවි පිළිබඳ සත්‍යය සොයන කෙනෙකු නම් ඔහුට එය සම්බ වෙනවා.—1 ලේක. 28:9.
3 සොදොමෙහි සහ ගොමොරාවේ වැසියන් ගැන ආබ්‍රහම්ට දුකක් ඇති වුණා. නමුත් එහි ධර්මිෂ්ඨ මිනිසුන් දහදෙනෙකුවත් සිටියොත් සොදොම විනාශ නොකරන බව දෙවි ඔහුට සහතික වුණා. (උත්. 18:20, 23, 25, 32) යෙහෝවා දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන්ව කවදාවත් විනාශ කර නැහැ. ලොත්ව හා ඔහුගේ දූවරුන්ව ගළවාගැනීමෙන් එය පැහැදිලි වුණා.—2 පේතෘ. 2:6-9.
4 සැබෑ දෙවිට සේවය කරද්දී තමන් සම්පූර්ණයෙන්ම තනි වී සිටින බව එලියාට වරක් හැඟුණා. ඔහු කොහොමටවත් තනි වී නැති බවත් පටන්ගත් වැඩය සම්පූර්ණ වන බවත් යෙහෝවා ඔහුට සහතික වුණා. (1 රාජා. 19:14-18) අපේ කාලයේ පවතින තත්වය ගැන කුමක් කිව හැකිද?
5 දෙවිගේ සේවයෙහි කාර්ය බහුලව සිටින්න: සාක්ෂි දැරීමේ වැඩය තව කොතෙක් දුරට කළ යුතුද කියා අප දන්නේ නැහැ. මේ වැඩය මුළුමනින්ම හසුරුවන්නේ යෙහෝවායි. ඔහු එය අධීක්ෂණය කිරීම සඳහා ඔහුගේ දූතයන්ව යොදාගනිමින් සිටිනවා. (එළි. 14:6, 7) සියලුම ජාතීන්ට සාක්ෂි දැරිය යුත්තේ කොතෙක් දුරටද කියා තීරණය කරන්නේ ඔහුයි. තව බොහෝදෙනෙකු “ශුභාරංචිය අසා අදහන පිණිස” අපට තවමත් සිතාගත නොහැකි ආකාරවලින් රාජ්‍යයේ පණිවිඩය ව්‍යාප්ත කරන්න යෙහෝවාට පුළුවන්. (ක්‍රියා 15:7) යෙහෝවා කරන දෙය ප්‍රේමනීය, ඥානවන්ත හා සාධාරණ දෙවි කෙනෙකු වශයෙන් ඔහුගේ කැමැත්තට මුළුමනින්ම එකඟ වන බව නිසැකයි.
6 දෙවිගේ කැමැත්තට එකඟව සේවය කිරීමත්, සෑම කෙනෙකුටම ශුභාරංචියට සවන් දෙන්ට ප්‍රස්තාවක් ලබා දීමේ අරමුණින් අපේ උපරිමය කිරීමත් අපට ලැබී තිබෙන උතුම් වරප්‍රසාදයක්.—1 කොරි. 9:16.