සේවා රැස්වීම් වැඩසටහන
අප්‍රියෙල් 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 93
විනා. 15: සභා නිවේදන සහ අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන. සභාවේ සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව නිවේදනය කරන්න. මුල්වතාවට සිහි කිරීමට පැමිණි අය අගය කිරීමෙන් යුතුව පැවසූ දේවල් ගැන යමක් කියන්න සබයේ සිටින අයට ආරාධනා කරන්න. අප්‍රියෙල් 23න් පටන්ගන්නා සතියේ පවත්වන සේවා රැස්වීමේදී කරන සාකච්ඡාවට සූදානම් වීමක් වශයෙන් බයිබලය ඔබේ ජීවිතය කෙරෙහි ඇති කරන බලපෑම නමැති වීඩියෝ පටිය නැරඹීමට සියලුදෙනාවම දිරිමත් කරන්න.
විනා. 10: ප්‍රශ්න පෙට්ටිය. වැඩිමහල්ලෙක් විසින් මෙහෙයවන කතාවකි. පොත් පාඩම් පැවැත්වීමට නිවෙස් තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැනද සඳහන් කරන්න.—අපගේ රාජ්‍ය සේවාව 1983 පෙබරවාරි කලාපයේ ප්‍රශ්න පෙට්ටිය (ඉංග්‍රීසියෙන්, එක්සත් ජනපද සංස්කරණය) සලකා බලන්න.
විනා. 20: “දේවසේවය තුළ ‘දැඩි වෑයමක් දරමින්’ සිටින්න.”a තුනේ සිට පහ දක්වා ඡේදවල යෝජනා කර තිබෙන ආකාරයට අන් අයට උපකාර කිරීමෙන් තමන් ලබා තිබෙන ප්‍රීතිය ගැන පැවසීමට ප්‍රචාරකයන් දෙතුන් දෙනෙකුට ආරාධනා කරන්න.
ගීතිකා අංක 80 සහ අවසාන යාච්ඤාව.
අප්‍රියෙල් 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 145
විනා. 10: සභා නිවේදන සහ ගිණුම් වාර්තාව. අප්‍රියෙල් මාසය සඳහා ඉතිරිව තිබෙන්නේ තව සතිඅන්ත දෙකක් පමණයි. එනිසා මාසය අවසන් වෙන්න කලින් දේවසේවයේ හවුල් වීමට සෑම කෙනෙකුවම දිරිමත් කරන්න.
විනා. 15: “කොච්චිකඩේ අලුත් රාජ්‍ය ශාලාවක් කැප කළා!”b
විනා. 20: “සරල ඉදිරිපත් කිරීම්වලින් හොඳ ප්‍රතිඵල.”c අපගේ රාජ්‍ය සේවාවේ 1999 ජූලි කලාපයේ 8වන පිටුවේ පළ වූ “කාරණය කෙළින්ම කිව්වා නම්!” නමැති ලිපියේ සඳහන් අදහස්ද ඇතුළත් කරන්න. සරල ඉදිරිපත් කිරීම් එකක් හෝ දෙකක් කෙටියෙන් නිරූපණය කරන්න.
ගීතිකා අංක 146 සහ අවසාන යාච්ඤාව.
අප්‍රියෙල් 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 163
විනා. 5: සභා නිවේදන.
විනා. 15: “අපේ සැලසුම්වලදී මුල් තැන හිමි විය යුත්තේ කුමකටද?” කතාවක්. වර්ෂ 2000 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ 18-21 දක්වා පිටුවල පළ වූ ලිපියේ සඳහන් යෝග්‍ය කරුණුද මේ කතාවට ඇතුළත් කරන්න.
විනා. 25: “බයිබලය ඔබේ ජීවිතය කෙරෙහි ඇති කරන බලපෑම නමැති වීඩියෝ පටයේ සිත්ගත් දේවල්.” සබය සමඟ සාකච්ඡාවක්. සමිතියේ වීඩියෝ පට බලපෑමෙන් යුක්තව යොදාගැනීම සම්බන්ධයෙන් 1997 වාර්ෂික පොතේ (ඉංග්‍රීසියෙන්) 54වන පිටුවේ 1වන ඡේදයේ සඳහන් අද්දැකීමට අනුව ක්‍රියා කිරීමට සබයේ සිටින අයව දිරිමත් කරන්න. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ නාට්සි හිංසා හමුවෙහි ස්ථිරව නමැති වීඩියෝ පටයේ තිබෙන දේවල් ජූනි මාසයේදී අපි සලකා බලනවා.
ගීතිකා අංක 202 සහ අවසාන යාච්ඤාව.
අප්‍රියෙල් 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 215
විනා. 10: සභා නිවේදන. අප්‍රියෙල් මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. මැයි 6වනදා වන විට සභාවේ වාර්තාව පිළියෙළ කිරීම සම්පූර්ණ කළ යුතු නිසා තම කණ්ඩායමේ සෑම කෙනෙක්ම වාර්තාව දමා තිබෙනවාද කියා පොත් පාඩම් මෙහෙයවන්නන් සොයා බැලිය යුතුයි.
විනා. 15: “යහපත් අසල්වැසියෙකු වීමෙන් සාක්ෂියක් දරන්න.”d අපේ හැසිරීමෙන් සාක්ෂියක් දිය හැකි වෙනත් මාර්ග ගැනද සඳහන් කරන්න.—වර්ෂ 1997 නොවැම්බර් 1, මුරටැඹ කලාපයේ 18 පිටුවේ තිබෙන 16වන ඡේදය බලන්න.
විනා. 20: පුරෝගාමීන් අනිත් අයට උපකාර කරයි. සේවා අවේක්ෂක විසින් මෙහෙයවන සම්මුඛ සාකච්ඡා ඇතුළත් කතාවක්. වර්ෂ 1998 සැප්තැම්බර් මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 4වන පිටුවේ පළ වූ ලිපියේ සඳහන් කර තිබෙන ආකාරයට පුරෝගාමීන් අනිත් අයට උපකාර කරයි නමැති වැඩපිළිවෙළ ගැන සලකා බලන්න. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් සභාව අත් කරගෙන තිබෙන වර්ධනය ගෙන දෙන දේවල් ගැන සඳහන් කරන්න. ප්‍රචාරකයෙකුට උපකාර කර තිබෙන පුරෝගාමියෙකුව සහ උපකාරය ලබා තිබෙන ප්‍රචාරකයෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. දේවසේවයෙහි එකට වැඩ කිරීමෙන් දෙදෙනාම ප්‍රයෝජන ලබා තිබෙන ආකාරය පැහැදිලි කරන්න. ඉදිරි මාසවලදී මේ සැපයුමෙන් ප්‍රයෝජන ගැනීමට අනිත් අයවත් උනන්දු කරවන්න.
ගීතිකා අංක 216 සහ අවසාන යාච්ඤාව.
මැයි 7න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 84
විනා. 10: සභා නිවේදන.
විනා. 15: “දෙවිට සියල්ලම පුළුවන්.”e ප්‍රකාශකයෝ (Proclaimers) නමැති පොතේ 443වන පිටුවේ සඳහන් තොරතුරු මත කෙටියෙන් අදහස් දක්වන්න. වර්ෂ 1935දී සිදු කළ දේශනා කටයුතු සමඟ අලුත්ම වාර්ෂික පොතේ සඳහන් වාර්තාවේ සංඛ්‍යා සසඳමින් මෙතෙක් ලබා තිබෙන දියුණුව පෙන්වා දෙන්න. මේ තරම් අතිමහත් වර්ධනයක් ඇතිවීම ඒ කාලයේදී විය නොහැකි දෙයක් මෙන් පෙනුණත්, අද එය සිදු වී තිබෙන ආකාරය පැහැදිලි කරන්න.
විනා. 20: පවුලක් හැටියට අන්‍යයන් ඉදිරියෙහි ශුද්ධකම පෙන්විය හැක්කේ කෙසේද? වැඩිමහල්ලෙක් ඔහුගේ පවුලේ අය සමඟ 1996 අගෝස්තු 1 මුරටැඹ සඟරාවේ 16-20 දක්වා පිටුවල සඳහන් කරුණු සාකච්ඡා කරයි. නිවසේදී, නෑදෑයන් හා අසල්වාසීන් සමඟ කටයුතු කිරීමේදී, සභාවේදී, පාසැලේදී හා රැකියාව කරන ස්ථානයේදී ශුද්ධකම පෙන්විය හැකි ආකාර සලකා බලන්න.
ගීතිකා අංක 70 සහ අවසාන යාච්ඤාව.
[Footnote]
a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
d හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.
e හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.