බයිබලය ඔබේ ජීවිතය කෙරෙහි ඇති කරන බලපෑම නමැති වීඩියෝ පටයේ සිත්ගත් දේවල්
මතු දැක්වෙන ප්‍රශ්නවලට උත්තර සැපයීමේදී, මෙම වීඩියෝ පටය මගින් ඉදිරිපත් කළ පණිවිඩයෙහි තිබූ ඔබේ හෘදයට කාවැදුණු දේවල් ගැන අදහස් ප්‍රකාශ කරන්න. (1අ) දශලක්ෂ ගණනකට තමන්ගේ ජීවිත වඩාත් යහපත් තත්වයට ගෙන ඒමට හේතු වී තිබෙන බලය කුමක්ද? (හෙබ්‍රෙ. 4:12) (1ආ) මේ බලය සොයාගෙන එය යමෙකුගේ ජීවිතයට අදාළ කරගැනීමට අවශ්‍ය වන්නේ කුමක්ද? (2) විවාහක කලත්‍රයන්ට (අ) තමන් අතර අදහස් හුවමාරුව දියුණු කරගැනීමට හා (ආ) තමන්ගේ කෝපය මැඩපවත්වාගැනීමට උපකාරවත් වන්නේ කුමන ශුද්ධ ලියවිලි පාඨද? (3) ක්‍රිස්තියානීන් විවාහය සලකන ආකාරය, පවුල් ජීවිතයෙහි සාර්ථකත්වයට බලපාන්නේ කෙසේද? (එපී. 5:28, 29) (4) දරුවන්ට අත්‍යවශ්‍ය දේවල් තුනක් සැපයීම සම්බන්ධයෙන් යෙහෝවා පරිපූර්ණ ආදර්ශයක් තබා තිබෙන්නේ කෙසේද? අද සිටින දෙමාපියන්ටත් ඒ දෙයම කළ හැක්කේ කෙසේද? (මාක්. 1:9-11) (5) දෙමාපියන් විසින්ම තමන්ගේ දරුවන්ට බයිබලය ඉගැන්විය යුත්තේ ඇයි? මෙය නිතිපතා කිරීම අවශ්‍ය බව අඟවන්නේ කුමකින්ද? (ද්වි. 6:6, 7) (6) පවුලේ පාඩම සිත්ගන්නාසුලු එකක් කරගන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? (7) දේවවචනය දෙමාපියන්ව උනන්දු කරවන්නේ බයිබල් පාඩමට අමතරව, තම දරුවන්ට තව කුමන දේවල් සපයන්න කියාද? (8) ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීම සඳහා බයිබලය පවුල්වලට උපකාරය සපයන්නේ කෙසේද? (9) සෞඛ්‍ය ගැටලු අඩු කරගැනීමට උපකාරවත් වන්නේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් කුමන ප්රතිපත්තිද? (10) දේවවචනයෙහි සඳහන් ප්‍රතිපත්ති ඔබේ ජීවිතයෙහි වෙනසක් ඇති කර තිබෙන්නේ කෙසේද? (11) දේවසේවයෙහි ඔබට හමු වන කෙනෙකුට නිවාස බයිබල් පාඩමක් සඳහා උනන්දුව ඇති කිරීමට මෙම වීඩියෝ පටය නැරඹීම උපකාරවත් විය හැක්කේ මන්ද?