සේවා රැස්වීම් වැඩසටහන
ජනවාරි 10න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 15: “යෙහෝවාගේ නාමය මුළු පොළොවෙහි දැන්වීම.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. අපගේ දේව සේවය පොතේ 93-4 දක්වා පිටුවල සඳහන් තොරතුරු ඇසුරෙන් අවිධිමත් සාක්ෂිදැරීම ගැන අදහස් දැක්වීම්ද මෙයට ඇතුළත් කරන්න.
විනා. 20: සෞඛ්‍යාරක්ෂාව සඳහා රුධිර නොවන ප්‍රතිකාර වෙනුවෙන් නීතිමය තේරීමක් කිරීම. (ක්‍රියා 15:28, 29) 1999 ජනවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයේ පළ වූ “‘එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය’—ගලාති 6:5” නමැති ලිපිය පදනම් කරගනිමින් සුදුසුකම් ලත් වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්. මේ රැස්වීමෙන් පසුව, බව්තීස්ම ලත් සාක්ෂිකරුවන්ට පූර්ව වෛද්‍ය නියෝගය/මුදවා හැරීමේ කාඩ්පතේ අලුත් පිටපතක්ද, බව්තීස්ම නොලත් කුඩා දරුවන් සිටින අයට සෑම දරුවෙක් සඳහාම හැඳුනුම්පතක්ද ලබාගත හැකියි. මේ කාඩ්පත් පිරවීම අදම නොකළ යුතුයි. මේවා නිවසේදී පරෙස්සමින් කියවා පිරවිය යුතු අතර, එහිදී අත්සන් නොකළ යුතුයි. කාඩ්පත්වල පෞද්ගලික අත්සන තැබීම, සාක්ෂිකරුවන්ගේ අත්සන් තැබීම සහ දිනය සඳහන් කිරීම යනාදිය කරන්නේ, ඊළඟ සතියේ පවත්වන පොත් පාඩමෙන් පසුවයි. මෙම කාඩ්පත පිරවීමට උපකාරය අවශ්‍ය නම්, පොත් පාඩම මෙහෙයවන්නා එය ලබා දීමට සූදානමින් සිටිනවා. අත්සන් කරන්න කලින්, කාඩ්පත් සම්පූර්ණයෙන්ම පුරවා තිබෙනවාද කියා පරීක්ෂා කර බලන්න. සාක්ෂිකරුවන් ලෙස අත්සන් කරන අය, තමන්ගේ අත්සන තැබිය යුත්තේ, එම ලියවිල්ලේ නම සඳහන් තැනැත්තා තමන් ඉදිරිපිට එයට අත්සන් කරන අවස්ථාවේදීමය. බව්තීස්ම නොලත් ප්‍රචාරකයන්ට තමන්ගේ තත්වයන්ට හා විශ්වාසයන්ට අනුව, මේ කාඩ්පතේ දැක්වෙන තොරතුරුවලට අනුව සකස් කරගත් ලියවිල්ලක් තමන් හා තම දරුවන් සඳහා පිළියෙළ කරගත හැකියි. තම කණ්ඩායමේ සිටින සියලුදෙනාටම පූර්ව වෛද්‍ය නියෝගය/මුදවා හැරීමේ කාඩ්පත පිරවීමට අවශ්‍ය උපකාර ලැබී ඇති බවට පොත් පාඩම් මෙහෙයවන්නන් වගබලා ගත යුතුයි. නීතිමය වශයෙන් ලබාගත හැකි උපරිම ආරක්ෂාව ලබාගැනීම සඳහා නිසියාකාරව අදාළ ලියවිලි සම්පූර්ණ කළ යුතුයි.
ගීතිකාව 155 සහ අවසාන යාච්ඤාව.
ජනවාරි 17න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 20: “සංවාද ඇරඹීමට පත්‍රිකා යොදාගන්න.” සභා බල ප්‍රදේශයේ පොදුවේ යොදාගැනෙන ඕනෑම පත්‍රිකා හතරක් ගෙන, එහි කරුණු සලකා බලන්න. මේ එක් එක් පත්‍රිකාව මගින් උත්තර සපයන ප්‍රශ්නයක් අසන්න. සංවාදයක් ඇරඹීමට හා එහි ප්‍රතිඵලයක් හැටියට බයිබල් පාඩමක් පටන්ගැනීමට මඟ පාදන ආකාරයෙන් ප්‍රශ්න යොදාගත හැකි ආකාරය ගැන යෝජනා ඉදිරිපත් කිරීමට සබයට ඇරයුම් කරන්න. මේ සාකච්ඡා සඳහා තෝරාගත් පත්‍රිකාවලින් දෙකක් යොදාගෙන, එය කළ හැකි ආකාරය නිරූපණය කරන්න.
ගීතිකාව 57 සහ අවසාන යාච්ඤාව.
ජනවාරි 24න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන සහ ක්ෂේත්‍ර සේවයේ අද්දැකීම්.
විනා. 15: “යෙහෝවාගේ වචනය සෑම දවසකම සලකා බලන්න!” කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම—2000 නමැති පොත් පිංචය හොඳින් ප්‍රයෝජනයට ගැනීමට සියලුදෙනාවම දිරිගන්වන්න. මෙම පොත් පිංචයේ 3-4 දක්වා පිටුවල සඳහන් පෙර වදනෙහි ඇතුළත් තොරතුරු පදනම් කරගෙන අදහස් දැක්වීම් ඉදිරිපත් කරන්න. සෑම දවසකම දිනපදය හා අදාළ විස්තරය සලකා බැලීමට ඔවුන් දරන විශේෂ වෑයම් ගැන පැවසීමට ප්‍රචාරකයන්ට ආරාධනා කරන්න.
විනා. 20: “ඔබ එහි සිටීවිද?” වැඩිමහල්ලෙක් විසින් මෙහෙයවන කතාවක් සහ අද්දැකීම්. බයිබල් කාලවල සිට අපේ කාලය දක්වා, දෙවිගේ සෙනඟව ශක්තිමත් කිරීමේදී විශාල එක්රැස්වීම් මගින් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. (ප්‍රකාශකයෝ [ඉංග්‍රීසියෙන්, jv] පොතේ 254වන පිටුවේ ඡේද 1-3 දක්වාත්, තීක්ෂ්ණ බුද්ධිය [ඉංග්‍රීසියෙන්, it] පොතේ 1 වෙළුමේ 821වන පිටුවේ 5වන ඡේදයත් බලන්න.) මේ අවුරුද්දේ පවත්වන දිස්ත්‍රික් සමුළුවේ දවස් තුනටම යෑමට කටයුතු පිළියෙළ කිරීම දැන්ම ආරම්භ කිරීමට සියල්ලන්වම දිරිගන්වන්න. පසුගිය අවුරුදුවල පැවැත්වූ සමුළුවලට යෑමට ඔවුන් ගත් උත්සාහයන් නිසා ලැබූ ආත්මික ප්‍රයෝජන පෙන්වා දෙන අද්දැකීම් ඉදිරිපත් කිරීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකාව 157 සහ අවසාන යාච්ඤාව.
ජනවාරි 31න් පටන්ගන්නා සතිය
විනා. 12: සභා නිවේදන. ජනවාරි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට සියල්ලන්ටම මතක් කරන්න. පෙබරවාරි මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත පොත පවුලේ සන්තෝෂයට රහස පොත බව සඳහන් කරන්න. යමෙකුව සංවාදයට හවුල් කරවාගැනීම සඳහා පදනමක් හැටියට 12වන පිටුවේ සඳහන් කොටුවේ දැක්වෙන ප්‍රශ්න තුන යොදාගත හැකි ආකාරය නිරූපණය කරන්න.
විනා. 15: ‘සලකුණු කිරීම’ හා සම්බන්ධ ප්‍රශ්නයට උත්තරය. වැඩිමහල්ලෙක් විසින් 1999 ජූලි 15 මුරටැඹ සඟරාවේ 29-31 දක්වා පිටු පදනම් කරගෙන ඉදිරිපත් කරන කතාවක්.
විනා. 18: සැබෑ ආගම හඳුනාගැනීමට අනිත් අයට උපකාර කරන අයුරු. මිනිසුන් තුළ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන පැහැදීමක් ඇති වී තිබුණත්, වෙනත් ආගම් හා අපි අතර තිබෙන වෙනස පැහැදිලිව තේරුම්ගැනීමට ඔවුන්ට නොහැකි වී තිබෙන ආකාරය ගැන, සුදුසුකම් ලත් උපස්ථායක සේවකයෙක් හා දක්ෂ ප්‍රචාරකයන් දෙතුන්දෙනෙක් අතර කෙරෙන සාකච්ඡාවක්. 1995 මැයි 8 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) සඟරාවේ 20වන පිටුවේ සඳහන් කරුණු දහය සලකා බලන්න. සැබෑ ආගම හා බොරු ආගම අතර තිබෙන පැහැදිලි වෙනස හඳුනාගැනීමටත්, යෙහෝවාගේ සෙනඟගෙන් ඉගෙනගෙන ඔවුන් සමඟ ඇසුරු කිරීමේ තිබෙන අවශ්‍යතාව තේරුම්ගැනීමටත්, අවංක කෙනෙකුට මේ කරුණු දැනසිටීම උපකාරවත් වන ආකාරය පැහැදිලි කරන්න.
ගීතිකාව 60 සහ අවසාන යාච්ඤාව.
පෙබරවාරි 7න් පටන්ගන්නා සතිය
විනා. 8: සභා නිවේදන.
විනා. 17: දානියෙල්ගේ අනාවැකිය නමැති පොත සලකා බලන්න. කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. මේ අලුත් පොතේ කැපීපෙනෙන අංග වන අවධානය ඇදගන්නාසුලු මාතෘකා, අලංකාර පින්තූර, සෑම සාකච්ඡාවකම අවසානයේ සඳහන් තොරතුරුවලට යළි පිවිසෙන ප්‍රශ්න සඳහන් කොටු, විස්තර පැහැදිලි කරන සිතියම් හා සටහන් සලකා බලන්න. මිකායෙල් විශේෂාකාරයකින් ‘නැඟිටින්න’ යන ආකාරය දිරිගන්වනසුලු අයුරින් පැහැදිලි කර තිබීම සලකා බලන්න. (පිටු 288-90) දේවවචනයේ ගුරුවරුන් වශයෙන් අප විඳදරාගෙන සිටීමේ තිබෙන වැදගත්කම සාකච්ඡා කරන්න (පිටු 311-12). අපි සියලුදෙනාම මේ පොත පරෙස්සමින් කියවා, උනන්දුව දක්වන අයටද මෙය කියවීමට දිරිගැන්විය යුතුයි.
විනා. 20: ඔවුන් කළේ නැණවත් තේරීමක්. 1997 ඔක්තෝබර් 15 මුරටැඹ සඟරාවේ පිටු 19-21 දක්වා තිබෙන 3-16 දක්වා ඡේද මත පදනම් වූ කතාවක්. තමන් වඩාත් විපාකදායී හා ප්‍රයෝජනදායක ජීවිතයක් ගත කරමින් සිටින බව ඔවුන්ට හැඟී යෑමට හේතු පෙන්වා දෙන පුරෝගාමීන් ප්‍රකාශ කරන දේවල් සඳහන් කරන්න. තමන්ටද පුරෝගාමී සේවය කිරීමට තිබෙන ඉඩකඩ සලකා බැලීමට සබයේ සිටින සියලුදෙනාවම දිරිමත් කරන්න.
ගීතිකාව 182 සහ අවසාන යාච්ඤාව.