ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/00 1 පි.
  • ඔබ එහි සිටීවිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ එහි සිටීවිද?
  • 2000 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ “ගැලවීම අත ළඟයි!” නමැති 2006 දිස්ත්‍රික් සමුළුව
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • ඔබ පරිශුද්ධ දේවල් අගය කරනවාද?
    2000 අපගේ රාජ්‍ය සේවාව
  • වසර 2007 “යේසුස්ව ආදර්ශයට ගනිමු” නමැති දිස්ත්‍රික් සමුළුව
    2007 අපගේ රාජ්‍ය සේවාව
2000 අපගේ රාජ්‍ය සේවාව
km 1/00 1 පි.

ඔබ එහි සිටීවිද?

1 බොහෝ කාලයක් පුරා සත්‍යයේ සිටින සාක්ෂිකරුවෙක් වරක් මෙසේ පැවසුවා: “ඔබ සමුළුවේ පළවෙනි දවසට ගියේ නැත්නම්, ඔබට වෙන පාඩුව කියල නිම කරන්න බැහැ.” මොහුට මේ වගේ හැඟුණේ ඇයි? සමුළුවේ පළමු දවස කියන්නේ යෙහෝවාගේ සංවිධානය අපි වෙනුවෙන් පිළියෙළ කර තිබෙන මහත් ආත්මික මංගල්‍යයේ ආරම්භයයි. (යෙසා. 25:6) අපි ආරම්භයේ සිටම එහි සිටින්න යනවා නම්, එයින් පෙනෙන්නේ ගීතිකාකරුට ඇති වූ මේ හැඟීම අප තුළත් තිබෙන බවයි. “[යෙහෝවාගේ] ගෘහයට යමුයයි ඔවුන් මට කී විට මම සන්තෝෂවීමි.”—ගීතාවලිය 122:1.

2 කොහොමවුණත්, පසුගිය අවුරුද්දේ පැවැත්වූ “දෙවිගේ අනාවැකිමය වදන්” නමැති දිස්ත්‍රික් සමුළුවලට සිකුරාදා පැමිණි සංඛ්‍යාව සෙනසුරාදා හා ඉරිදා පැමිණ සිටි සංඛ්‍යාවලට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුයි. මෙයින් අදහස් කරන්නේ, ඒ සමුළුවේදී අනාවැකිමය වදන් ගැන ඉදිරිපත් කළ වටිනා තොරතුරු ඇතුළත් සමුළුවේ කොටස්වලට සවන් දීමෙන් අත් කරගැනීමට තිබූ ප්‍රයෝජන රැසක් අපේ සහෝදරයන් බොහෝදෙනෙකුට අහිමි වූ බවයි. ඒ වගේම සෙසු ඇදහිලිවන්තයන් සමඟ ප්‍රීතිමත් ඇසුරක් භුක්ති විඳින්න තිබූ අවස්ථාවද ඔවුන්ට අහිමි වුණා.

3 ලෞකික රැකියාව බාධාවක් කර නොගන්න: සමහර අය සිකුරාදා නොපැමිණීමට හේතුව විය හැක්කේ, සිකුරාදා සමුළුවට ගියා නම්, එය තමන්ගේ රැකියාවට බලපායිද කියා සිතීම විය හැකියි. කල් වේලා ඇතුව නිවාඩු ඉල්ලනවා නම්, මේ කාරණය සම්බන්ධයෙන් තමන්ගේ ස්වාමිවරුන් සහයෝගයෙන් කටයුතු කරන්න කැමැත්තෙන් සිටින බව බොහෝ සාක්ෂිකරුවන් අද්දැක තිබෙනවා. සියලුම සභා රැස්වීම්වලට හා එක්රැස්වීම්වලට යෑමට පුරෝගාමී සහෝදරියක් ගෙන තිබූ දැඩි අධිෂ්ඨානය ස්වාමියාගේ සිතට මොනතරම් තදින් බලපෑවාද කියනවා නම්, ඔහු සමුළුවට පැමිණ මුළු දවසක්ම එහි ගත කළා!

4 නිවාඩුවක් ඉල්ලුවාට මගේ ස්වාමියා නම් නිවාඩු දෙන එකක් නැහැ කියා ඔබ කලින්ම තීරණය නොකළ යුතුයි. ඒ වගේම, එක දවසක් සමුළුවට නොගියාට කමක් නෑ කියාද නොසිතිය යුතුයි. සමුළුවට යෑම ඔබේ නමස්කාරයේ වැදගත් කොටසක් වීමට හේතු, ඔබේ ස්වාමියාට ශුද්ධ ලියවිලි යොදාගනිමින් උපායශීලිව ඒත්තුගන්වන ආකාරයෙන් පෙන්වා දීමට සූදානම්ව සිටින්න. (හෙබ්‍රෙ. 10:24, 25) ඊළඟට, ඔබේ ජීවිතයේ පළමු තැන ආත්මික අවශ්‍යතාවලට දෙනවා නම්, ඔබට ද්‍රව්‍යමය ලෙස අවශ්‍ය කරන ඕනෑම දෙයක් සපයන බවට යෙහෝවා දී ඇති පොරොන්දුව කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබන්න.—මතෙ. 6:33; හෙබ්‍රෙ. 13:5, 6.

5 අවශ්‍ය කරන ප්‍රධානම දෙය නම්, “වඩා වැදගත් දේවල්” අගය කිරීමයි. (පිලි. 1:10, NW, 11; ගීතා. 27:4) අපි මෙය කරනවා නම්, යෙහෝවාගෙන් ලැබෙන මේ අතිවැදගත් සැපයුමෙන් පූර්ණ ප්‍රයෝජන ගැනීම සඳහා සැලසුම් යෙදීමට අප තුළ පෙලඹවීමක් ඇති වෙනවා. ඔබේ සැලසුම් කිරීම් දැන්ම ආරම්භ කරන්න. ඔබ දවස් තුනේම එහි සිටින්න යන බවට අදිටන් කරගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න